Uncategorized

දරු දැරියෝ සිය පොත් උරබෑග මේස මත තබා පන්ති කාමරයේ හිඳ සිටිති. පොතපතට යටවුණු දිගු දිනක අග නිවෙස්‌ බලා යැමට නොඉවසිල්ලෙන් පසුවෙති.

සිය ගුරුවරයා විසින් පසු දින කාලසටහන පිළිබඳ කරනු ලබන නිවේදන දරු දැරියෝ සාවදානව අසා සිටිති.

ඉන් පසු සුපුරුදු ලෙස ගුරුවරයාගේ අවසන් වචන ඊට එක්‌වේ( “හරි දැන් අදට නියමිත පිරිසිදු කිරීමේ පැවරුමයි. පළවැනි පේළිය සහ දෙවැනි පේළිය පන්තිය සුද්ධ කරන්න. තුන්වැනි පේළියයි, හතරවැනි පේළියයි කොරිඩෝ එකයි පඩි පෙළයි සුද්ධ කරන්න. පස්‌වැනි පේළිය වැසිකිළි සුද්ධ කරන්න.”

පස්‌වැනි පේළියෙන් තරමක ගෝරනාඩුවක්‌ ඇසේ. නමුත් දරු දැරියෝ කඩිසරව පුටුවලින් නැගී යුහුසුළු වෙති. පිටුපස ඇති අල්මාරියේ තබා ඇති කොසු, රෙදිකඩ සහ පනිට්‌ටු අතට ගනිති. පිරිසක්‌ වැසිකිළි දෙසට දුව යති.

ජපානය පුරා ඇති පාසල් තුළ මේ දර්ශනය දැකිය හැක.

පළමු වරට ජපානයට පය තබන බහුතරය එරට කෙතරම් පිරිසිදු දැයි දැක විශ්මයට පත් වෙති.

අනතුරුව එහි සාමාන්‍ය කසළ බඳුන් නොමැති බව ඔවුන්ගේ ඇස ගැටේ. වීදි අමදින්නන් නොමැත. ඔවුන් ඉදිරියේ ඇත්තේ ප්‍රශ්නාර්ථයකිá ජපානය මෙතරම් පිරිසිදු කෙසේද?

ඒ සඳහා දිය හැකි සරල පිළිතුර නම් එරට පුරවැසියන්ගේ කැපවීමය.

“පාසල් ජීවිතේ අවුරුදු දොළහක්‌, මූලික අධ්‍යාපනයේ සිට උසස්‌ අධ්‍යාපනය දක්‌වා පිරිසිදු කිරීමේ වේලාව සිසු සිසුවියන්ගේ දෛනික කාලසටහනේ කොටසක්‌” යනුවෙන් හිරෝෂිමා පළාත් ආණ්‌ඩුවේ බලධාරියකු වන මයිකෝ අවානේ පවසයි.

“ගෙදරදිත් එහෙමයි. අපේ දේවල් සහ අප අවට පිරිසිදුව තබා නොගැනීම නරක දෙයක්‌ බව දෙමවුපියන් අපට කියා දෙනවා.”

පාසල් විෂය නිර්දේශයට ඇතුළත් සමාජ සවිඥනික බව පාසල් සිසු සිසුවියන්ට සිය වටපිටාව පිළිබඳ සුපරීක්‍ෂාකාරී වීමට සහ අභිමානයක්‌ ගොඩනඟා ගැනීමට උපකාරී වේ.

“ඉස්‌කෝලේදී පිරිසිදු කිරීම්වල යෙදෙන්න හිත දෙන්නැති වෙලාවලුත් තිබුණා” ස්‌වෙච්ඡා පරිවර්තකයකු වන චිකා හයාෂි සිය පාසල් ජීවිතය සිහිපත් කළේ එලෙසය.

“ඒත් එය අපේ දින චර්යාවේ කොටසක්‌ නිසා මම ඒක කළා.”

“ඉස්‌කෝලේ පිරිසිදු කරන්න වීම ඉතාම හොඳ දෙයක්‌ කියා මා සිතනවා. මොකද එමගින් අප භාවිත කරන දේවල් සහ ස්‌ථාන පිරිසිදු කිරීමේ වැදගත්කම අප ඉගෙනගන්නවා.”

පාසල වෙත පිය නඟන දරු දැරියෝ සිය සපත්තු උනා ලොකර තුළ තබති. ඔවුන් පාසල ඇතුළත භාවිත කරන්නේ වෙනත් සපත්තුය.

නිවසේදිත් එසේය. පිටත යැම සඳහා භාවිත කරන සපත්තු දොරකඩ උනා තබති.

නිවසේ වැඩට පැමිණෙන පුද්ගලයෙක්‌ වුවත් සපත්තු උනා තබා මේස්‌ සහ සෙරෙප්පු පයලයි.

පාසල් දරු දැරියන් ලොකුමහත් වෙද්දී තමා අවට අවකාශය පිළිබඳ ඔවුන් තුළ ස්‌ථාපනය කෙරුණු ආකල්ප පන්ති කාමරයෙන් ඔබ්බට ගොස්‌ අහල පහළ ගම නගරය සහ රට පුරා ව්‍යාප්ත වේ.

ජපන් වැසියන්ගේ උග්‍ර පිරිසිදුවාදී බවට උදාහරණ බොහෝ ප්‍රකටය. ජපානයේ ‘ෂින්කන්සෙන්’ ශීඝ්‍රගාමී විදුලි දුම්රිය නවතා මිනිත්තු හතක්‌ වැනි සීමිත කාලයක්‌ ඇතුළත පිරිසිදු කරනු ලැබීමේ චාරිත්‍රය ලොව පුරා අවධානය දිනාගත් එක්‌ උදාහරණයකි. පසුව එය සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්‌විය.

ජපානයේ පාපන්දු ලෝලීන් පවා පිරිසිදුකම ගැන සැලකිලිමත් වෙති.

බ්‍රසීලයේ (2014) සහ රුසියාවේ (2018) පැවති පාපන්දු ලෝකු කුසලාන තරගාවලි අවසානයේ ප්‍රේක්‍ෂකාගාර අවට විසිරී තිබුණු කැළි කසළ එක්‌රැස්‌ කිරීමට ජපාන පාපන්දු ලෝලීන් රැඳී සිටිම ලොව මවිත කරවීය. පාපන්දු ලෝලින් පමණක්‌ නොව ජපන් පාපන්දු ක්‍රීඩකයන් ද සිය සැරසුම් කාමරය තමන්ට ලැබුණු ආකාරයටම පිරිසිදු කර සකසා ගොස්‌ තිබිණි.

“සියලුම කණ්‌ඩායම්වලට හොඳ ආදර්ශයක්‌·” යනුවෙන් ජගත් පාපන්දු සම්මේලනයේ ප්‍රධාන සම්බන්ධීකාරක ප්‍රිසිලා ජැන්සන්ස්‌ නිකුත් කළ ට්‌විටර් පණිවුඩයක දැක්‌විණි.

“අනෙක්‌ අය අතර අපේ කීර්ති නාමය රඳවා ගැනීම පිළිබඳ ජානයේ අප ඉතා සංවේදියි.” යනුවෙන් මයිකෝ අවානේ පවසයි.

“අපි පිරිසිදුකම ගැන ශික්‌ෂණයක්‌ නොලැබූ හෝ නිසි අධ්‍යාපනයක්‌ නැති නරක නමිනිස්‌සු කියලා වෙන අයට සිතන්න සලසන්න අපිට අවශ්‍ය නැහැ.”

මේ හා සමාන චර්යාවක්‌ ජපාන සංගීත සැණකෙළිවලදී ද දැකිය හැක.

ජපානයේ ‘µQජි රොක්‌’ සැණකෙළිය එරට පැවැත්වෙන විශාලතම සහ පැරණිතම සංගීත සැණකෙළියයි. එහි පැමිණෙන රසිකයෝ කසළ බහාලනයක්‌ හමුවන තෙක්‌ කසළ තමන් ළඟ තබාගනිති.

‘µQජි රොක්‌’ වෙබ් අඩවියට අනුව දුම් පානය කරන්නන්ට ‘සිගරට්‌ අළු සහ කොට’ බහාලීමට අතේ ගෙන යා හැකි අළු බඳුනක්‌ ගෙන එන්නැයි උපදෙස්‌ ලැබෙන අතර “සෙසු පුද්නගලයන්ට බාධා වන අයුරින් දුම් පානය කිරීමෙන් වැළකී සිටිය යුතුය.”

එකී සාමාජීය අවබෝධතා සඳහා උදාහරණ ජපාන වැසියන්ගේ දෛනික ජීවිතය තුළ ද බහුලව දැකිය හැක.

උදාහරණයක්‌ වශයෙන් උදැසන අට පමණ වනවිට කාර්යාල සහ වෙළෙඳසල් සේවකයෝ තම සේවා ස්‌ථාන අවට වීදි පිරිසිදු කරති.

‘නොපෙනෙන කුණුවලටත්’ ඉඩක්‌ නැහැ. පාසල් අවට ඇති වීදිවල කැළි කසළ එක්‌රැස්‌ කර පිරිසිදු කිරීම සඳහා දරු දැරියෝ මාසිකව පැවැත්වෙන ශ්‍රමදාන සඳහා ස්‌වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වෙති.

සිය නිවාස අවට තත්ත්වය ද එසේමය. නිරන්තරයෙන් වීදි පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වේ. ජපන් වැසියන් කැළි කසළ පාර තොට නොදා නිවෙස්‌ වෙත රැගෙන යන බැවින් පිරිසිදු කිරීමට තරම් දෙයක්‌ නොමැත.

පියවි ඇසට නොපෙනෙන විෂබීජ සහ බැක්‌ටීරියා ගැනත් ඔවුහු අවධානයෙන් පසුවෙති.

උණක්‌, සෙම්ප්‍රතිශ්‍යාවක්‌ වැළඳුනු විට ජපන් වැසියෝ මුව ආවරණ පළඳිති. ඒ තවෙකෙකුට රෝගය ආසාදනය වීම වැළැක්‌වීමේ අරමුණෙනි.

අනෙකා පිළිබඳ සිතීමේ මේ සරල ක්‍රියාව නිසා වෛරස්‌ පැතිර යැම අවම වේ. වැඩ රහිත දින අඩු කරගැනීමේ අවස්‌ථාව ලැබීමට පමණක්‌ නොව ඖෂධ සඳහා වැයවන මුදල් අඩු වී විශාල මුදලක්‌ ඉතිරි කර ගත හැක.

ශතවර්ෂ ගණනාවක්‌ පැරණි පිරිසිදුකම

පිරිසිදුකම සම්බන්ධයෙන් ජපන් වැසියන් මෙතරම් සැලකිල්ලක්‌ දක්‌වන්නට පෙළඹුණේ කෙසේද?

වර්ෂ 1600 දී ජපානයට සේන්දු වූ එරටට පා තැබූ පළමු ඉංග්‍රීසි ජාතිකයා මෙන්ම නැවියකු වූ විලියම් ඇඩම්ස්‌ ද දුටු පරිදි එය ඇත්තෙන්ම අලුත් පුරුද්දක්‌ නොවේ.

ඇඩම්ස්‌, ‘සමුරායි විලියම්’ නමැති ඔහුගේ චරිතාපදානය තුළ ලේඛක ගිල්ස්‌ මිල්ටන් සඳහන් කරන පරිදි “එංගලන්තයේ වීදි නිතරම අශුචිවලින් පිරී ඉතිරී ගොස්‌ තිබූ කලෙක පිරිසිදුකම ගැන දැඩි සැලකිල්ලක්‌ දැක්‌වූ ජපානයේ ඉහළ පැළැන්තිය නොකිලිටි කාණු සහ වැසිකිළි භාවිත කරමින් සුගන්ධවත් දර යොදා උණු කළ ජලයෙන් ස්‌නානය කර ඇත.”

සිය පෞද්ගලික පිරිසිදුකම පිළිබඳව සැලකිල්ලක්‌ නොදැක්‌වූ යුරෝපීය ජාතිකයන් විසින් ජපන් වැසියන් ‘බියට පත් කරනු’ ලැබීය.

සෞඛ්‍ය අවදානම

ජපානය වැනි උණුසුම්, තෙතමනය වැඩි රටක කෑම නරක්‌ වීමට ඇති ඉඩකඩ වැඩිය. බැක්‌ටීරියා සහ රෝග කාරක වර්ධනය වීමට ඇති අවදානම ඉහළය.

සනීපාරක්‍ෂාව හොඳ නම් සෞඛ්‍ය ද යහපත් වන්නේ එබැවිනි.

බැලූ බැල්මට එසේ වුවත් එහි ඊට වඩා ගැඹුරක්‌ තිබේ.

පිවිතුරු බව නැති නම් නිර්මලත්වය බෞද්ධ දර්ශනයේ ප්‍රධාන කොටසකි.

ජපානයට බුදුදහම පැමිණියේ චීනයෙන් සහ කොරියාවෙනි. ඒ 6 වැනි සහ 8 වැනි ශතවර්ෂ තුළදීය.

12 වැනි සහ 13 වැනි සියවස්‌ අතර චීනයෙන් ජපානයට පැමිණි සෙන් බුදුදහමට අනුව පිරිසිදු කිරීම සහ ආහාර පිසීම වැනි දෛනික කටයුතු අධ්‍යාත්මික පුහුණුවක්‌ ලෙස සැලකිණි. භාවනාවේ යෙදීම සහ ඒ අතර වෙනසක්‌ නැතැයි විශ්වාස කෙරිණි.

“සෙන් දහමට අනුව ආහාර අනුභවය සහ අවට පිරිසිදු කිරීම ඇතුළු දෛනික වැඩකටයුතුවල යෙදීම බුදු දහම ප්‍රගුණ කිරීමට ලද අවස්‌ථාවක්‌ ලෙස සැලකිය යුතුයි.” යනුවෙන් µqකුයාමාහි ෂින්ෂෝජි විහාරස්‌ථානයේ එරිකෝ කුවගාකි පවසයි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More