ව්‍යාපාරික පුවත්

සුළු අපනයන බෝග වගාකරුවන් සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් ආරක්ෂා කිරීමේ සහ දිරි දීමේ අරමුණින් අයිතම කිහිපයක  ආනයන නියාමණය කිරීමට නව නියමයන් පනවා තිබේ.

ඒ අනුව ගම්මිරිස්, කරුංකා, සියඹලා සහ කුරුඳු ආනයනය තහනම් වනු ඇති. සාදික්කා, වසාවාසී, කරදමුරුගු, ඉගුරු, කහ සහා කාරඹුනැටිද ආනයනය තහනම් වන බවයි මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශය පවසයි.

ගම්මිරිස් ඇතුළු කුළු බඩු වෙනත් රටවලින් ආනයනය කර සෘජුව හො සුළු පිරිසැකසුම්වලින් පසු ප්‍රති අපනයනය කිරීම ඉකුත් සමයේ ප්‍රබල සංවාදයක් ඇති කළේය. මෙම ප්‍රති අපනයන හේතුවෙන් ශ්‍රී ලංකාවේ කුළු බඩුවල ඉහල ප්‍රමතිය පිළිබඳ ජාත්‍යන්තර වෙළද පොලේ ඇති විශ්වාසය බිද වැටෙන බවයි එහිදී ප්‍රකාශ කෙරුණි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ කුළු බඩු සඳහා ජාත්‍යන්තර වෙළද පොලේදී ලැබෙන මිලද පහළ වැටුනු අතර මෙලෙස මිල කඩා වැටීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ වගාකරුවන් හා අපනයනකරුවන් ද පීඩාවට පත්වන බව දිගින් දිගටම ප්‍රකාශ වුණි.

කෙසේවෙතත් නව නියමයන්ට අනුව ගම්මිරිස් ඇතුළු කුළු බඩු මෙලෙස සෘජුව හෝ සුළු පිරිසැකසුම්වලින් පසු ප්‍රති අපනයනය කිරීම මින් පසු තහනම් වනු ඇත.

දේශීය තරගකාරී ගෘහ කර්මාන්තවන වෙසක් කූඩු සරුංගල් සහ හදුන් කූරු ආනයනද නව නියමයන් යටත් නියාමනය වන බවද මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශය පවසයි .

අපද්‍රව්‍ය සහ අපද්‍රව්‍ය සැකසීම හෝ ප්‍රතිචක්‍රිකරණය සඳහා වූ ව්‍යාපාර සඳහා අවසර ලබා නොදීමටද මෙම නව නියමයන් යටතේ විධිවිධාන සලසා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More