රුපියල් ලක්ෂ හතරක් වියදම්කර ලංකාවට ගෙන්වා සිටින කිරිගවයන්ගෙන් අපේක්ෂිත කිරි අස්වැන්න නොලැබෙන බවට මේ වන විට තහවුරු වී තිබෙන බව සමස්ත ලංකා සත්ත්ව සංවර්ධන උපදේශක සංගමය සඳහන් කරයි.
මේ නිසා ඉදිරියේදී ඕස්ට්‍රේලියාවෙන් හා පාකිස්ථානයෙන් ගෙන්වන බවට සඳහන් කිරිගවයන් ගෙන්වීම සිදුනොකරන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලාසිටින බව එම සංගමයේ ලේකම් අනුර මොලගොඩ මහතා සඳහන් කළේය.
රුපියල් ලක්ෂ 04ක් වියදම් කර ඕස්ට්‍රේලියාවෙන් මෙරටට ගෙන්වූ කිරිගවයෙකුගෙන් දිනකට කිරිලීටර් 18ක අස්වැන්නක් ලැබෙන බවට සඳහන් කළත් බොහෝ සතුන්ගෙන් එම අස්වැන්න නොලැබෙන බවද හෙතෙම පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...