දේශීය පුවත්

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපති සමාව දීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ නමත් ඇතුළත් කර පෙත්සම් සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය 2020 මාර්තු 02 දක්වා කල් දුන්නේය.

ඥානසාර හිමිට සමාව දුන් මෛත්‍රිපාල සිරිසේන එවකට ජනාධිපති තනතුර දරමින් සිටි නිසා වගඋත්තරකරුවකු ලෙස නම් නොකළ බව කියා සිටී. පෙත්සම්කරුවන් මේ වන විට ඔහු තනතුරේ නැති බැවින් මෙම සිද්ධියට වගකිවයුතු ප්‍රධානියා ලෙස පුද්ගිලක මට්ටමින් ඔහු නම් කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියහ.

මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ ගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නමැති රාජ්‍ය නොවන සංවිධානය මෙහි පෙත්සම්කරුවෝ වෙති.

අගවිනිසුරු ජයන්ත ජයසූරීය, එල්.ඩී.බී. දෙහිදෙණිය, මූර්දු ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම කැඳවන ලදී.

නීතිපති ජනාධිපති ලේකම් උදය රංජිත් සෙනවිරත්න ,හිටපු අධිකරණ ඇමැති තලතා අතුකෝරල, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ල, ගලගොඩ අත්තේ ඥානසාර හිමි පෙත්සම්වල නම් සඳහන් සෙසු වගඋත්තරකරුවෝ වෙති.

හිටපු ජනාධිපති වගඋත්තරකරුවකු කිරීමට විරුද්ධ වන්නේ නම් විරෝධතා ලිඛිතව ලබන මාර්තු 03ට පෙර ඉදිරිපත් කරන අතර සංශෝධන පෙත්සම්වල පිටපත් වගඋත්තරකරුවන්ට යවන ලෙස පෙත්සම්කරුවන්ට දැන්වූහ. සංශෝධිත පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම්වල කරුණු තහවුරු කිරීම සඳහා පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුට අවස්ථාව ලබා දෙන බවද විනිසුරු මඬුල්ල සඳහන් කළහ.

පෙත්සම්කරුවන් සිය පෙත්සම්වලින් කියා සිටින්නේ අධිකරණයට අපහාස කොට දඬුවම් ලැබූ පුද්ගලයකුට සමාවදීම අධිකරණය හෑල්ලුවට ලක් කිරීමක් බවයි. එවැනි පුද්ගලයකුට සමාව දී හිරෙන් නිදහස් කිරීමට ජනාධිපති ගත් තීරණය ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි බවත් මෙම සිද්ධියේදී ඔහු බලතල ඉක්මවා ක්‍රියා කර ඇති බවත් පෙත්සම්කරුවෝ කියා සිටිති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More