එංගලන්තයේ , කොන්සර්වේටිව් පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ඇතුළත් කරුණු දැඩි ලෙස හෙළාදකින බව මහාසංඝරත්නය පවසයි.
මල්වතු පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් පැසුවේ එංගලන්තයේ පැරණිතම දේශපාලන පක්සය ලෙස කොන්සර්වේටිව් පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ශ්‍රී ලංකාව රාජ්‍යයන් දෙකක් ලෙස නම් කර තිබීම දැඩි ලෙස හෙළාදකින බවයි.
මේ වන විට ශ්‍රී ලංකාවේ සියළුම ජන කොටස් ඉතාම සාමකාමී සෙල ජීවත් වන බවත් එම නිසා එය හෙළා දකින බවත් උන්වහනසේ පැවසූහ.
මේ සම්බන්දයෙන් අදහස් දැක්වු අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි පැවුසුවේ ශ්‍රී ලංකාව ස්වෛරී මෙන්ම ස්වාධීන රාජ්‍යයක් බවයි.
තවදුරටත් එංගලන්තයේ යටත් විජිතයක් නොවන බව ඔවුන් සිහිතබා ගත යුතු බවද උන්වහන්සේ පැහැදිලි කළේය.
විවිධ රාජ්‍ය නොව සංවිධාන සහ ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරන පිරිසගේ ඇතැම් ක්‍රියාවන් නිසා 30 අවුරුදු යුද්ධයකට මුහුණ දීමට සිදු වු බව සිහිපත් කළ ඒ උන්වහන්සේ පැවසුවේ එම නිසා විවිධ ව්‍යවසන වලට මුහුණ දීමට සිදු වු බවයි.
වර්ථමානයේ සිදු වු දේශපාලන පෙරළියත් සමඟ රටට එරෙහි පිරිස කම්පාවට පත් වු බවත් වත්මත් රාජ සමඟ ඔවුගේ සිතැඟි ඉටු කර ගැනීමට නොහැකි වන බව දන්නා බැවින් මෙවැනි කරුණු ඉදිරිපත් කරන බවද උන්වහන්සේ වැඩිදුරටත් පැහැදිලි කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...