දේශීය පුවත්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා භාවිත කරන සුවිසල් නිල නිවසද ඒ මහතාට අහිමි වන තත්ත්වයක් උද්ගත වෙමින් පවතින බව වාර්තා වේ.

කොළඹ 07, පැජට් පාරේ පිහිටි මෙම නිල නිවස මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වූ පසුව ජනාධිපතිවරයකුගේ භාවිතය සඳහාම රජයේ නිල නිවාස ඒකක තුනක් එකට එකතු කර සකස් කළ සුවිසල් මන්දිරයකි.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ට ද නිලනිවසක හිමිකම පවතින බැවින් මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධුර කාලයෙහි අවසන් මාසයේදී මෙම මන්දිරයම විශ්‍රාම ගිය පසුවත් තමන්ගේ භාවිතය සඳහා ලබාගැනීමට කැබිනට් අනුමැතියක් ද ලබාගත්තේය.

එහෙත් මේ වනවිට වාර්තා වන්නේ එම කැබිනට් අනුමැතිය නිසි ක්‍රමවේදයට අනුව ලබාගත්තක් නොවන බැවින් එහි වලංගුභාවය පිළිබඳ ගැටළුවක් මතුව ඇති බවය.

එසේම විශ්‍රාමික ජනාධිපතිවරයකුට සුදුසු පහසුකම් සහිත වෙනත් තනි නිලනිවාස ඒකකයක් මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදී මෙම නිවස වෙනත් ප්‍රයෝජනවත්, සුදුසු කටයුත්තක් සඳහා යෙදවීම කෙරෙහි ද රජයේ අවධානය යොමුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More