දේශීය පුවත්

මෙරට සම්භවයක් සහිත බ්‍රිතාන්‍යෙය් සිටින සය හැවිරිදි දරුවෙකු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර තිබේ.

පසුව එම ලිපිය සිය ට්විටර් ගිණුමේ ප්‍රසිද්ධ කිරීමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කර ඇත.

පරිසරය ආරක්ෂා කිරීමට ප්‍රමුඛතාව දිය හැකි දැයි, අබ්දුල්ලා අබූ බායිද් නමැති මෙම දරුවා අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා තිබේ.

ඔහු සිය ලිපියේ පවසා ඇත්තේ, අපගේ අනාගතය දැන් ඔබගේ දෑත් මත ඇති බවය.

ශ්‍රී ලංකාවේ දැකුම්කළු වෙරළ හා සාගරය සුරක්ෂිත කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසද එම දරුවා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියි.

එමගින් කැස්බෑවන්ට ශ්‍රී ලංකා වෙරළ ඉතා ආරක්ෂිත තැනක් වනු ඇති බවත්, සෑම වසරකම ශ්‍රී ලංකා වෙරළ දැක ගන්නට ඔවුන්ට අවස්ථාව ලැබෙනු ඇති බවත් සය හැවිරිදි අබ්දුල්ලා අග්‍රාමාත්‍යවරයාට යැවූ ලිපියේ සඳහන්.

වැඩිහිටි පරම්පරාවට බාල පරම්පරාවෙන් ලැබුණු මෙම පණිවුඩයෙන් තමන් වෙත ඇති වගකීම යළි සිහිපත් වූ බවත් තමන් ඉන් ධෛර්යමත් වූ බවත් මෙම ලිපිය සිය ට්විටර් ගිණුමේ ප්‍රසිද්ධ කරමින් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

අදාළ ලිපිය සහ ට්විටර් සටහන පහතින්..



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More