දේශීය පුවත්

පාස්කු ප‍්‍රහාරයේ සුලමුල නිවැරදිව හඳුනාගෙන වගකිව යුත්තන් නීතිය හමුවට පැමිණවිය යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

අපේ‍්‍රල් 21 පාස්කු ඉරිදා ප‍්‍රහාරය විමර්ශනය කරනු පිණිස පත්කර ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාමාජිකයන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතර ජනාධිපති කාර්යාලයේදී (02 වැනිදා* පස්වරුවේ පැවැති හමුවේදී ජනාධිපතිවරයා එසේ කීවේය.

මෙහිදී පරීක්‍ෂණ කොමිසමේ කාර්යභාරය හා සංයුතිය පැහැදිලි කළ කොමිසමේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු ජානක ද සිල්වා මහතා මෙතෙක් කළ විමර්ශනවල සාරාංශයක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළේය. ප‍්‍රහාරයක් සිදුවන බවට කල් තබා ලැබුණු තොරතුරු අදාළ බලධාරීන් බරපතල ලෙස සැළකිල්ලට ගෙන නැතැයි සභාපතිවරයා කීය. මේ බව වසන් කිරීම පිණිස ඇතැම් නිලධාරීන් ව්‍යාජ ලේඛන සකසා ඇති බවට සැකයන් මතුවන බවද විනිසුරුවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිතිවරයා,

ප‍්‍රහාරයේ සුලමුල නිවැරදිව හඳුනාගෙන වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණ විය යුතුයි. මැල්කම් රංජිත් කාදිනල් තුමාගේ අභිලාෂය ද එයයි. ආරක්‍ෂක ලේකම්වරයාව සිටියදී ආරක්‍ෂක මණ්ඩලය නිතිපතා රැුස්වුණා. බුද්ධි අංශ නිලධාරීන් සමග ආරක්‍ෂක තත්ත්වය ගැන නිරන්තරයෙන් සාකච්ඡුා කළා. ආරක්‍ෂාවට තර්ජනයක් වන තොරතුරක් ලැබුණු සැණින් නොපමාව අවශ්‍ය පියවර ගත්තා. පිටරටවලින් පැමිණ අන්තවාදී අදහස් ප‍්‍රචලිත කරමින් සිටි දේශකයන් 160 ක් පිටුවහල් කළා.

පසුගිය පාලන සමයේදී ජාතික ආරක්‍ෂාව පිළිබඳව ලිහිල් ආකල්පයකින් ක‍්‍රියාකිරීම නිසා බුද්ධි අංශ යාන්ත‍්‍රණය බිඳවැටුණා. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඉස්ලාමීය අන්තවාදය ප‍්‍රචලිත කිරීම නතර කිරීමට නොහැකි වුණා. ප‍්‍රහාරය පිළිබඳ සියලූ තොරතුරු අනාවරණය කර ගත යුතුයි. මෙවැනි ප‍්‍රහාර නැවත සිදුනොවනු පිණිස ගත යුතු පියවර නිර්දේශ කිරීම කාලීන අවශ්‍යතාවක්. ආරක්‍ෂක යාන්ත‍්‍රණය බිඳවැටීමට වගකිව යුත්තේ කවුරුන්ද යන්නත් හෙළි කර ගත යුතුයි. මෙවැනි ප‍්‍රහාර නැවත සිදුනොවනු පිණිස ගත යුතු පියවර නිර්දේශ කිරීම කාලීන අවශ්‍යතාවක්. ආරක්‍ෂක යාන්ත‍්‍රණය බිඳවැටීමට වගකිව යුත්තේ කවුරුන්ද යන්නත් හෙළි කර ගත යුතුයි. එසේම මේ සඳහා කොමිසමට අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කරනවා.

අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ‍්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්‍ෂ, විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර අතපත්තු සහ අධිකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඩබ්. එම්. එම්. අධිකාරි යන මහත්වරුන් මෙම කොමිසමේ සෙසු සාමාජිකයෝ වශයෙන් කටයුතු කරති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More