දේශීය පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකිවයුත්තන්ට අනිවාර්යයෙන්ම වර්තමාන ආණ්ඩුව යටතේ දඩුවම් දීමට කටයුතු කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් හට ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද දහවල් කොළඹ අගරදගුරු නිල නිවසේදී මැල්කම් රංජිත් හිමිපාණන් බැහැදුටු අවස්ථාවේ දීය. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩුව සිදු කරන ලද පරීක්ෂණ වල කිසිදු විධිමත් භාවයක් නො තිබුණු බවට අගරදගුරු හිමිපාණන් පෙන්වා දුන් බවද ඇමතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ය.

දැනට මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාව පරීක්ෂණ සිදුකරන බවත් එය අංග සම්පූර්ණ පරීක්ෂණයක් ලෙස අවසන් කිරීමෙන් පසු එහි කරුණු පදනම් කරගෙන අදාළ වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා දැනටමත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැඩි අවධානය යොමු වී තිබෙන බවත් අගරදගුරු හිමිපාණන් වෙත ප්‍රකාශ කළ බවද විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් අවධාරණය කරන ලදි.

තවද පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයට උදව් උපකාර කළ දේශපාලන රැකවරණය ලබා දුන් දේශපාලනඥයන්ට එරෙහිව ද දැඩි නීතිමය පියවර ගන්නා බවද විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කොට තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More