දේශීය පුවත්

විශ‍්‍රාම යන අග‍්‍රාමාත්‍යවරයෙකුට හිමිවිය යුතු සියලු වරප‍්‍රසාද ඉල්ලා හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත යවන ලද ලිපිය අග‍්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාගේ අවධානයට ඉදිරිපත් කර ඇතැයි වාර්තාවේ.

හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට කැබිනට් අමාත්‍යවරයෙකුට හිමි සියලු වරප‍්‍රසාද ලබාදෙන්නැයි ඉල්ලා පාර්ලිමේන්තුවේ සභානායකවරයාගේ ලේකම්වරයා ද, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා ඇති බව දේශපාලන ආරංචි පවසයි.

වෙඩි නොවදින මෝටර් රථයක්, පොලිස් වාහන 09 ක්, ගිලන් රථයක්, අග‍්‍රාමාත්‍ය කාර්යාලයට අයත් වාහන 08 ක්, වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ඉල්ලා ඇති වරප‍්‍රසාද අතර වේ.

හමුදා සහ පොලිස් ආරක්ෂක බලඇණි, නිල නිවසක්, කාර්යාල පරිශ‍්‍රයක් සහ ලේකම්වරයෙකු ද ලබා දෙන ලෙසයි අදාළ ලිපි මගින් හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More