දේශීය පුවත්

දිවයින අවට ( ශ්‍රී ලංකාවට දකුණින් ) පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් උතුරු, නැගෙනහිර, උතුරුමැද, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය විශේෂයෙන් අද 4 සහ හෙට 5 යන දිනයන්හි වැඩිවේ යැයි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ත්‍රිකුණාමලය , මඩකලපුව , අම්පාර , මුලතිව්, නුවරඑළිය, මහනුවර, මාතලේ, බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මි.මි 150ට වැඩි ඉතා තද වර්ෂාපතනයන්ද උතුරුමැද , සබරගමුව, දකුණු සහ බස්නාහිර පළාත්වල ( අනුරාධපුර, පොළොන්නරුව , ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, ගම්පහ, කොළඹ, සහ කළුතර ) සහ යාපනය ,මන්නාරම, කිලිනොච්චිය, සහ වවුනියාව යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වල මි.මි 100ට වැඩි තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව නිවේදනය කෙරේ

ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බැවින් ජනතාව දැඩි සැලකිලිමත් විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කෙරේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More