Notice Board

අමතක ‌නොවන අවු. 45

December 4, 2019 2:49 pm | Lanka Lead News

974 දෙසැම්බර් මස 04 වන දින සිදුවු D C 8 සප්ත කණ්‍යා ගුවන් අනතුරට අදට වසර 45ක් පිරෙන අතර ඒය මෙරට බරපතළම ගුවන් අනතුර ලෙස වාර්තා වේ.

ඩිසි 08 ගුවන් යානය ආගරපතන, නොර්වුඩ්, කාසල්රි ජලාශයට ඉහළින් ඉතා පහතින් පියාසර කරමින් තිබියදි එදින රාත්‍රි 10.10 ට පමණ නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ටෙබටන් වතුයායට ඉහළින් පිහිටි සප්ත කණ්‍යා කන්දේ ගුවන් යානයේ තටුවක් ගැටි ගුවන් යානයේ ගමන් ගත් 191 දෙනෙකු ජිවිතක්ෂයට පත් වි තිබුණි.

අනතුරට පත් ගුවන් යානයේ ඉදිරිපස රෝදයක් දැනට නෝටන්බ්‍රිජ් පොලීසිය ඉදිරිපිට විමලසුරේන්ද්‍ර ජලාශ වේල්ල අසල සිහිවටනයක් සේ තබා ඇති අතර, එම සිහිවටනය අසල ගුවන් අනතුරෙන් මියගිය ගුවන් යානයේ ගමන් ගත් කාර්යය මණ්ඩලයේ 9 දෙනාගේ නම් සඳහන් කර ස්මාරකයක්ද තනා ඇත.

1974 දෙසැම්බර් හතර වෙනිදා එදින බදාදා දිනයකි. වෙලාව රාත්‍රි 10.10 ට පමණ ඇත. ප්‍රදේශයම ගිනියම් කරමින් දෙදරුම් හඬ නගමින් ගිනිජාලාවක් සප්තකන්‍යා කදුවැටියේ සිවුවන කන්දේ ගල් පර්වතයක ගැටිණි. ඉනිදුනිසියාවේ (කලින් ඕලන්දය) සිට මක්කම බලා බැතිමතුන් රැගෙන යමින් සිටි මාරටින් එයාර් ගුවන් සමාගමට අයත්D.C 8 නම් ගුවන් යානය මෙසේ අනතුරට පත්වුණි.

එහි ගමන්ගනිමින් සිටි ගුවන් යානයේ කාර්ය මණ්ඩලය ඇතුලු පුද්ගලයින් 191 ගේ ජීවිත මරු තුරුලට ගත් අතර ඔවුන්ගේ මළ සිරුරු කොටස් ලෙසට පත්වි ගස් ගල් උඩ විසිරී තිබිණි.

පසු දින සිට මෙරට මෙන්ම විදේශික ජනයාගෙන් හා ආරක්ෂක අංශ වලින් එම ප්‍රදේශයම පිරී ඉතිරී ගියහ. අනතුරින් මියගිය අයගේ ඥාතින්, මිතුරන් පැමිණ හැඩු කඳුළින් සිය මව ,පියා සහෝදරයා සෙවූ මුත් කිසිවෙකු හඳුනා ගැනීමට නොහැකි වී තිබේ.එම පිරිස අතර කාන්තාවන් 59ක් සිටි බව පසුව අනාවරණය වු අතර මියගිය පිරිසගේ ශරිර කොටස් එකතු කර කඳුවැටිය පාමුලම මිහිදන් කළ බවත් එය සිහි ගැන්වීමට ස්මාරකයක්ද ඉදි කරන ලදි.

එමෙන්ම ගුවන් යානය පිපිරී යාමත් සමග විසිරී ගිය ගුවන් යානයේ කොටස් හා .රන් ආභරණ ,මුදල් ඇතුළු නොයෙකුත් ද්‍රව්‍ය එම ස්ථානය නැරඹිමට පැමිණි පිරිස් විසින් අහුලාගෙන ගිය බව පැවසෙන අතර එලෙස රැගෙන ගිය ගුවන් යානයේ කොටස් තවමත් ඇතැම් පුද්ගලයන් සන්තකයේ සුරක්ෂිතව තබාගෙන සිටියදී අපට දකින්නට හැකි විය.

ඒ අතර ගුවන් යානයේ ටයරයක් නොර්ටන් බ්‍රිජ් පොලිස්ථානය ඉදිරිපිට පොලිස් රථගාල පසෙක ස්ථාපිත කර තිබෙන අයුරු දක්නට ලැබේ. එමෙන්ම ගුවන් යානයේ දොර පියනක කොටසක් හා තවත් කොටස් කිපයක් ප්‍රදේශවාසීන් සන්තකයේ තිබියදි දක්නට හැකි විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More