දේශීය පුවත්

වර්ථමාන ව්‍යවස්ථාව තුළ භාරකාර ආණ්ඩු හෝ අන්තර්කාලින ආණ්ඩු නොමැති බැවින් මහ මැතිවරණය තෙක් කල් බලමින් නොහි`ද ආණ්ඩුව කටයුතු කළ යුතු බව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ලැබූ ජනවරමට සාධාරණය ඉටු කිරීමටනම් ප්‍රහාරාත්මක ප්‍රවේශයකින් කටයුතු කළ යුතු බව ඔහු පවසා සිටියේ ඊයේ(03) ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

විපක්ෂයේ අනුකම්පාවට යටත් විය යුතු නැති බවත්, රටේත් ජනතාවගේත් ගෞරවය සඳහා රජය කටයුතු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේය.

වත්මන් ව්‍යවස්ථාව කෑළිවලට ගලවා සංශෝධනය නොකළ යුත්තේ යැයි ද එසේ කරන්නට ගිය හොත් එය 19 වන සංශෝධනය කළාක් මෙන් සිදුවනු ඇතැයි ද පැවසූ බණ්ඩාර මහතා බංකොලොත් දේශපාලකයින්ගේ ගැටවලට අසුනොවන ලෙසද ඉල්ලා සිටියේය.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විධිමත්ව පිහිටුවා මහ බැංකු කොල්ලය, පාස්කු ප‍්‍රහාරය, එයාර්ලංකා සමාගමේ මුදල් ගණුදෙනු ආදී චෝදනා පිළිබදව සොයා බැලිය යුතුයැයි ද ඔහු එහිදී අවධාරණය කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More