දේශීය පුවත්

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ක්‍රියාකාරී දේශපාලනයට සමුදීමට තීරණය කර ඇතැයි ඇයට සමීප ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව ඇය නුදුරු දිනයකදීම විදෙස් ගතවීමට ද නියමිත බව ද වාර්තා වේ.

පසුගිය ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කළ ඇය ජනාධිපතිවරණ පරාජයත් සමග දැඩි කණස්සල්ලට පත්ව ඇති බව ද වාර්තා වුණි.

හිටපු ජනාධිපතිනිය හදිසියේ ගත් තීරණයක් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයද අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති අතර, ඒ වෙනුවෙන් වැඩ කටයුතු කළ කුමාර වෙල්ගම මහතාද දේශපාලනිකව අතරමං වී ඇතැයිද දැනගන්නට ලැබේ.

ඒ අනුව ඉදිරි මහමැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය ද, යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වී කටයුතු කිරීමට බොහෝදුරට ඉඩකඩ ඇතැයිද අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More