දේශීය පුවත්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහතා හෙට (05දා) සිට යළිත් දේශපාලන කටයුතු ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා කොළඹ 02, වොක්ෂෝල් වීදියේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලට අද (04දා) පැමිණ ඔහුට හිතවත් පිරිස් හමුවීමට සැලසුම් කර ඇත.

හෙට සිට දිවයින පුරා පිහිටි විහාරස්ථානවල ආගමික කටයුතුවලට සම්බන්ධ වීමටත්, මහජනතාව හමුවීමටත් සජිත් ප්‍රේමදාස මහතා කටයුතු යොදා තිබෙන බවද එක්සත් ජාතික පෙරමුණේ ආරංචිමාර්ග සදහන් කරයි.

සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුට හිතවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පෙරේදා දිනයේදී හමු වී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත්, අද දිනයේදීද එම කණ්ඩායම යළිත් හමු වී සාකච්ඡා කරන බවත් එම ආරංචිමාර්ග සදහන් කරයි.

එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය හා විපක්‍ෂනායක ධුරය සම්බන්ධව එ.ජා.ප.යේ නායකයන් ඉදිරි දින කිහිපයේදී තීරණයක් ගනු ඇතැයි විශ්වාස කරන බවත්, රනිල් වික්‍රමසිංහ මහතා පක්‍ෂයේ අනුශාසකවරයා ලෙස සිටියදී සජිත් ප්‍රේමදාස මහතාට පක්‍ෂ නායකත්වය හා විපක්‍ෂනායක ධුරය ලබාදිය යුතු බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More