මුහුණු පොතෙන්

දශක හය හතක කාලයක් මේ රට ට වෙනස් ම සහ දැඩි ව බලපෑම් එල්ලකළ ප්‍රචාරණ කලාවක් එක රැයින් රට පුරා ක්‍රියාත්මක කරන්නට හැකි කෙනෙක්, ආයතනයක්,සංවිධානයක් තිබුණා නම් ඒ සියල්ල ජවිපෙ ට දෙවෙනි ය. පෝස්ටර් සංස්කෘතියේ ප්‍රබල ම හිමිකරුවා වූයේ ඒ ජවිපෙ ය.

වටින්නේ රැළි නොව , ඒවායෙන් ශක්තිසම්පන්න වන සමාජයයි. ඒ රැළිවලින් පණපෙවෙන මිනිස් ජීවිතයි. ඒ රැළි දෙස බලා රැල්ලට මුහුණදෙමින් ,රැල්ල අඳුනාගනිමින් , ඒ රැල්ලේ වටිනාකම් වලට ඉව අල්ලන්නට ඇති වුවමනාවයි..වටින්නේ..නරක ඇතුළේ පවා ඇති හොඳ සොයා ගොස් ඒ හොඳ රට වෙනුවෙන් පොහොර කරවීමට ඇති අවබෝධය සහ ඊටත් වඩා රටක් ලස්සන කිරීමට ඇති වුවමනාවයි.

හැකි පමණින් මේ රට හැඩකරන්නට මුහුණුපොතේ අපි බොහෝ අය කලක සිට වෙහෙසෙන්නෙමු.. අපේ රංචුව දිනෙන් දින ම වැඩිවෙමින් එය…වුවමනාව ඉදිරියේ නිර්මාණාත්මක වෙමින් ගඟක් සේ ගලන්නට විය .. ඒ තවම මෝය කටය ලංවී නැත..ඊට තව දුර ඇත…

තාප්ප වල පෝස්ටර් ගැලවුණේ බලහත්කාරයෙන් නොව…කාටත් බොහෝ ම ලෙන්ගතුව ය…තාරුණ්‍යයේ අවංකත්වය සමග ය…මතුවූයේ වර්ණවත් පණිවුඩ පිරුණු ලස්සන රූප රටා ය.
අඩුපාඩු නැති තැන් ඇරඹුමේදී ම සොයන්නට පමණක් වෙහෙස නොවෙමු. ඇරඹුමට සුබ පතමු.සවියක් වෙමු.අඩුපාඩු ක්‍රමයෙන් හදාගමු..ආදරය පෙරදැරිව ඒවාට සහාය වෙමු.

ජවිපෙ නායක අනුර කුමාර මහතාණෙනි, ඔබේ මේ යහපත් සම්මාදම් වීම අගෙයි.ඔබේ මේ සංඥාව මොහොතින් බිම් මට්ටමට යන බව ස්ථීරය….ඔබට බොහෝම ස්තූතියි. !

#විකල්ප #සොයන්නේ #ආකල්ප #නැති #මිනිසුන් #පමණය

#ඉපැරණි #වලව් #හැරදා #අපි #පියාඹමු.

Udaya Dewamulle



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More