හැම රැල්ලකටම සීමාවක් තිබිය යුතුයි. රට පුරා චිත්‍ර අඳින රැල්ල ප්‍රශ්නකාරීයි.
1. අඳින දර්ශන හොඳද/නරකද? කවුද තීරණය කරන්නේ?
2. මේ චිත්‍ර වල කලාත්මක ගුණයක් තිබේද/නැද්ද? නොතිබේ නම් මෙය ඇසට පීඩාකාරී තත්වයක් දක්වා යා හැකියි.
රටේ සියලු මහජනයා පරිහරණය කරන, හැසිරෙන පොදු ස්ථාන හැම තැනක්ම මේ ආකාරයට නියාමනයකින් තොරව චිත්‍රවලින් පිරවීම නොකළ යුතුයි. 70 දශකයේ ඉතා ඉහල ප්‍රමිතියකින් යුතු ගුවන් විදුලි සේවාවක් මෙරට තිබුණු බව ඒ කාලයේ සිටිය අය මෙන්ම ඒ ගැන අසා ඇති අයද දන්නවා. එය එසේ උසස් තත්වයකින් පැවතුනේ නිසි ප්‍රමිතියකින් යුතු ගීත පමණක් පොදු අවකාශයක් වූ ගුවන් විදුලියේ විකාශය වූ නිසයි. හැමෝටම හිතෙන හැම දෙයක්ම කෑ ගසා ගැයිය හැකි තැනක් වූවා නම් මිනිස්සුන්ගේ කන් වලට මොකද වෙන්නේ? මනසට මොකද වෙන්නේ? FM නාලිකා නරක වුනත්, ඉතා අඩු ප්‍රමිතියෙන් යුතු දේ ප්‍රචාරය වුවත්, තාමත් හැමෝටම හිතෙන දේ කෑ ගසා කීමට ඒවායිනුත් ඉඩක් නැහැ.
පොඩ්ඩක් හිතන්න. පොදු ස්ථාන අලංකාර කරන්නේ නම් එයට නිසි ප්‍රමිතියක්, නියාමනයක් තිබිය යුතුමයි. ප්‍රවීණ ශිල්පීන්ගේ නියාමනයක් යටතේ කරන දෙයක් කරන්න කියමු.
උපුටා ගැනීමකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...