විදේශ පුවත්

රුසියානු දේශසීමා දෙසට නේටෝ සංවිධානයේ බලපරාක්‍රමය පැතිරවීම රුසියාවේ ආරක්ශාවට තර්ජනයක් බව ජනාධිපති පුටින් පැවසීය.

පසුගිය අඟහරුවාදා පැවති ආරක්ශාව තේමා කරගත් සමුලුවක දේශනයක් අතරතුර ඒ මහතා වැඩිදුරත් ප්‍රකාශ කර සිටියේ නේටෝව ගැටලු කෙරෙහි අවධානය යොමුකරන ආකාරයට වර්තමාන ලෝකයේ ගැටලු කිසිදු ලෙසකින් නිරාකරනය කළ නොහැකි බවයි.

කෙසේ වුවද රුසියාව ගැටලු නිරාකරනය කර ගැනීමට සාකච්ඡාව හොඳ උපකරණයක් ලෙස සලකන බව පවසා සිටියේය.නේටෝ සංවිධානයේ 70වෙනි සංවත්සරය ලන්ඩන් නුවර දී පැවැත්වීමට කටයුතු සූදානම් කරන මෙම වකවානුව සම්බන්ධයෙන්ද පුටින් මහතා කරුනු දැක්වීය.

වැඩිදුරටත් කරුනු දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, අමෙරිකාව නායකත්වය දෙන සංධානය සීතල යුද්ධය අවසානවී සෝවියට් රුසියාව කැඩී විසිරී ගියද නව සාමාජිකයන් බඳවා ගැනීම තවම නවතා දමා නැතිබවයි. නිරවි යුද්දය අවසාන වුවද 1990 වර්ෂයේ සිට මේ දක්වා නේටෝ සංවිධානය නව සාමාජිකයන් 13න් දෙනෙකු බඳවා ගෙන ඇති අතර ඉන් බොහෝ රටවල් සෝවියට් සංගමයේ ප්‍රාන්ත ලෙස පැවැති නමුදු පසුව ස්වාධීන වූ රටවල් බව එතුමා පෙන්වා දුන්නේය.

රුසියානු නායකයා දැඩිව අවධාරනය කරමින් පවසා සිටියේ රුසියාව අතීතයේ කලාක් මෙන්ම ඉදිරියේදීද ත්‍රස්තවාදය,අභ්‍යන්තර අවි ගැටුම්,ජන ඝාතන සඳහා යුද අවි යොදා ගැනීම වැනි සත්‍ය ගැටලු නිරාකරනය කර ගැනීම වෙනුවෙන් නේටෝව සමඟ ඵලදායි සාකච්ඡාවක නිරත වීමට තවමත් සූදානම් බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More