දේශීය පුවත්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අද (04) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා. සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මන්ත‍්‍රීවරයා මියගොස් ඇති අතර මියයනවිට ඒ මහතා 57 වන වියේ පසුවුනා.

මන්ත්‍රීවරයා රෝගාතුර වී මෙරට පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටයදී ඔහුගේ තත්වය අසාද්‍ය වීම නිසා පසුගිය 28 වනදා අලූයම ප‍්‍රතිකර සඳහා සිංගපූරුවේ රෝහලකට ගෙන ගොස් තිබුණා.

එක්සත් ජනතා නිදහස් සංධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුවද මියයන විට ඔහු ශ‍්‍රීලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ අතර පසුගිය ජනාධිපතිවරණයේ දි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් විශාල වැඩකොටසක් ඔහු සිදුකළා.

සබරගමු පළාත් සභාවේ කෘෂිකර්ම ඇමතිවරයා ලෙස ද කටයුතු කළ රංජිත් සොයිසා මහතා 2015 මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරමින් රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වුනා.

මව් බිම වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ මෙන්ම වේදිකාවේද හඬක් නැඟූ රංජිත් සොයිසා ගරු පාර්ලිිමේන්තු මන්ත්‍රීවරයාට ලංකා ලීඩ් නිව්ස් අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කර සිටිමු.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More