දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගෙන තර්ජනය කිරීමකට ලක්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය හමු සහ වෙනත් ස්ථාන කිහිපයකදී අදත් අදහස් පළ වුණි.

රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ මෙම සිද්ධිය දේශපාලන අරමුණකින් ව්‍යාජ ලෙස නිර්මාණය කළ එකක් බවය. ඒ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්නගෙන් ප්‍රකාශයක් ලබාගත යුතු බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණි.

පිවිතුරු හෙළ උරුමය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය. ඒ, මෙම ව්‍යාජ සිද්ධිය නිර්මාණය කිරීම පිටුපස ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිවරයා ද සිටින බවට චෝදනාවක් ද කරමිනි.

මේ අතර ශ්‍රී ලාංකිකයින්ට ස්විට්සර්ලන්තය සඳහා වීසා ලබාදීම තාවකාලිකව නවතා දමා ඇතැයි දැනගන්නට ලැබුණු බව සිංහල රාවය ජාතික සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසයි. තමන් වහන්සේ ස්විට්සර්ලන්තය වෙත වීසා ලබා ගැනීමට උත්සහ කළ අවස්ථාවේ ඒ බව දැනගන්නට ලැබුණු බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More