මුහුණු පොතෙන්

ලෝකයේ ශක්ති ජනකම ස්භාවික පානය වන තැඔිලි කුරැම්බා වතුර ටික ලාභදායීව බෝතල් කරලා එන්න ඒකට වෙළද පොළ සකසන්න තරැණයාට එය ව්‍යාපාරයක් වෙන තැන සකසන්න රජයට පුළුවන් වෙන්න ඕන.

තරැණයන්ට රැපියල් 35000-45000 ක රජයේ රස්සාවක් සපයනවාට වඩා පුංචි පුංචි ව්‍යවසායකයන් ගොඩක් බිහිකරන ස්මාර්ට් රටක් බිහිවෙන්න ඕන.

ගස්යට වැටිලා කුණුවෙන වරකා ගෙඩිය අඹ ගෙඩිය වගේම හැදෙන කාලයට ඉදිලා අපතේ යන දේශීය පළතුරැ ලාභ දායීව සෞඛ්‍යාරක්ෂිතව අසුරලා වෙල පලට දාන්නේ කොහොමද කියන තාක්ෂණය තාරැන්‍යය අතට පත් කරන්න ඕන.

වසරකට ඩොලර් මිලියන 300කට රටට එන විදේශීය පළතුරැ වෙනුවට දේශීය පළතුරැ නවීන ආකාරයට අසුරා කොළඹ 07 ඉදන් අනුරාධ පුර රුවන් වැලි සෑය දක්වා පරාසයක එකම ආකාරයට විකිනෙන ස්මාර්ට් වෙලද පොළක් බිහි කරන්න ඕන.

ඈත මොනරාගල වගේ ප්‍රදේශ වල වැවෙන රජකජු වලට ලොකු මිලක් ලැබෙන ක්ෂුක්ම වගා ක්‍රම සහ වවන්න ඉඩම් සහ ජලය නැති තරැණයන්ට ඉඩම් ජලය සහ තාක්ෂණය සපයා කොළඔට කුලී වැඩට එන තරැණ ශ්‍රමය ගමේ නතර කරන්න ඕන.

ලංකාවේ රසකැවිළි වෙළද පළ තුළ පිටරටින් එන ටොෆී චොකලට් වලට වගේම නොයෙක් ආකාර රසකැවිලි වලට දේශීය විකල්ප ඉදිරිපත් කර ඒවාට තරැණ ප්‍රජාව දිරි ගන්වන තාක්ෂණය සහ මුල්‍ය හැකියාව සපයා දෙන්න ඕන විශ්ව විද්‍යාල වල නව ආහාර තාක්ෂණය රස කැවිලි තාක්ෂණය පාඨමාලා ඇතිකර ඒවගෙන් සාර්ථක නිඹ්පාදකයන් බිහිකර රටෙන් එළියට ගලන මුදල් නවත්වා ගන්න ඕන.

මේ ආන්ඩුව පත් කලේ අළුත් යමක් කරන්න.

අළුත් අළුත් දෑ නොතතන
ජාතිය
ලොව නොනගී. කියන්නාක් මෙන්

මේ ආන්ඩුව හැදුවේ සම්ප්‍රදායිකව UNP ආන්ඩුව ඉවර වුනාම

UNP මන්ත්‍රී තුමාගේ ගේ ඉස්සරහ ඇප්⁣ලිකේෂන් එකක් අරං හිටපු තරැණයා

පොදුජන පෙරමුණේ මන්ත්‍රී තුමාගේ ගේ ඉස්සරහ හෙට ඉන්නවා දකින්න නෙවේ.

රටේ ඇති වෙන්න අමුද්‍රව්‍ය තියනවා.

තරැණයාට ඒ ඒ ප්‍රදේශ වල නිෂ්පාදනයට කල හැක්කේ මොකක්ද ?

ඒක නිෂ්පාදනය කරන්න අවශ්‍ය තාක්ෂණය රාජ්‍ය උපදෙස් ( නැත්තේ ඒක ) සහ නිෂ්පාදනයට හිමි වෙළද පල විශ්වාසය( එනම් නිෂ්පාදනයෙන් රජය හෝ ආයතන වලට යොමු කරන අනිවරේයය පංගුව) ඇති කරන්න ඕන

රට ඉස්සරහට යාවි

අළුත් ස්මාර්ට් තරැණ පරපුරක් වේගයෙන් නැගිටීවි.

අපි අළුත් ආන්ඩුවට රස්සා දෙන්න කියන්ටන් නෑ

මේ රටේ සම්පත් වලට සහ ඔහේ විනාශ වෙන තරැණ ශ්‍රමයට වටිනා කමක් දෙන්න.

සහතාකයි මේ රටේ තරැණයා ස්ව උත්සාහයෙන් මේ රට ලස්සන කරනවා පෝසත් කරනවා

ඒක ඉරහද වගේ විශ්වාසයි.

ලෝකය දැක්ක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට ඒක කරන්න පුළුවන් නම්

ඉතුරු ටික මේ රටේ තරැණයා කරනවාම තමයි.

………..නුවන් මොණරවිළ …………….



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More