දේශීය පුවත්

මෙවර ලැබී ඇති ජනවරම උපයෝගී කරගෙන මානව හිමිකම් කොමිසමට නිසි පිළිතුරු දී එම චෝදනාවලින් ඉවත් විය යුතු බව ශ්‍රී ලංකා ගෝලීය සංසදයේ විධායක සභාවේවි රුසියානු ශාඛාවේ නියෝජිත ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

අද (03) පෙරවරුවේ රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර සිටියේය.

එම යෝජනාවලට සම අනුග‍්‍රහය දැක්වීම මේ ජනවරම සමග අදාල නොවන බව නව විදේශ අමාත්‍යවරයා මාධ්‍ය හමුවක දී කියනු ඇසුණු බවත් එය එසේ නොවන බවත් කී චන්ද්‍රවංශ මහතා මංගල සමරවීර මහතා එම යෝජනාවලට සම අනුග‍්‍රහය දැක්වූයේ රජයේ නියෝජිතයා ලෙස බැවින් වත්මන් රජයට ද එය අදාල වන්නේ යැයි ද කීය.

රජය එම යෝජනා එකල ගෙන එද්දී එයට එරෙහිව තමන් ඇතුළු විදේශ ගත ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් එයට විරුද්ධව සටන් කළේ යැයි ද හෙතෙම සදහන් කළේය.

ඇමෙරිකාව පවා මේ මානව හිමිකම් කවුන්සලයෙන් ඉවත් වී සිටින බැවින් ශ්‍රී ලංකාවද කළ යුත්තේ එයින් ඉවත් වීම යැයි ද එවිට නිර්දෝෂ විය හැකි යැයි ද කී චන්ද්‍රවංශ මහතා එසේ නොවුනහොත් ශ්‍රී ලාංකික නිලදාරින්ට පවා මේ යෝජනා නිසා ඉදිරියේ දී ප‍්‍රශ්න ඇති විය හැකි යැයි ද පවසා සිටියේය.

ජාතියක් ලෙස නැගී සිටින්නට අභිමානවත් නායකයෙක් අවශ්‍යයැයි ද එවැනි නායකයෙකුගේ අවශ්‍යතාවය විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට ඉකුත් වසර තුනහතර තිස්සේ දැනුනු බව ද රට පසුගිය සමයේ කොතරමස් බාල්දු වූයේ ද යන්න විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් දන්නේ යැයි ද හෙතෙම සදහන් කළේය.

ගරු විදේශ අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මැතිතුමා සහ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මැතිතුමා වෙත ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාව යොමුකළ ලිපිය පහතින් දැක්වේ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More