දේශීය පුවත්

ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියක් පැහැරගෙන ගියා යැයි කියන සිද්ධිය පිළිබදව බොහෝ තොරතුරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතා දන්නා බව ඔහුගේ ප‍්‍රකාශ වලින් හෙළිවන බැවින් පොලිසිය වහා ඔහුගෙන් ප‍්‍රකාශ සටහන් කරගත යුතුයැයි ජාතික සංවිධාන එකමුතුවේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ප‍්‍රකාශ කළේය.

ඔහු මේ සිද්ධිය ගැන මේ තරම් තොරතුරු දැන දැනත් මෙසේ වසන් කරගෙන සිටීම අපරාධයකැයි ද හෙතෙම කියා සිටියේය.

ජාතික සංවිධාන එකමුතුවට නම් මේ සිද්ධිය පෙනෙන්නේ නාටකයක් ලෙසින් යැයි ද ජනාධිපතිවරයා හෝ රජය අපකිර්තියට පත්කිරීමේ ජාත්‍යන්තර නාටකයක් බව පැහැදිලි යැයි ද කී අමරසේකර මහතා ලබන මාර්තු මාසයේ දී ජිනීවා හි පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේ දී ඔවුන්ගේ චෝදනා සනාථ කිරීමට මෙම උගුල් අටවන්නේ යැයි ද පැවසීය.

19 වන සංශෝධනය යළිත් සලකා බලන්නේ නම් ඊට සහය දෙන බව පාරලිමේන්තු මන්ත‍්‍රී කිරිඇල්ල  මහතා කියා ඇති බවත් සංශෝධනය කළ යුතු යැයි කියන්නේ නම් එය සම්මත කර ගත්තේ ඇයි දැයි විමසා සිටින බවත් හෙතෙම කියා සිටියේය.

කිසිසේත්ම එය යළි සංශෝධනය නොකල යුතු යැයි කී අමරසේකර මහතා එය ?වැටුන වලේ දවල් වැටීමක් යැයි ද කළයුත්තේ තුනෙන් දෙකක බලය ලබාගෙන නව ව්‍යවස්ථාවක් සකසා ගැනීම බවත් අමරසේකර මහතා ස`දහන් කළේය.

ආචාර්ය ගුණදාස අමරසේකර මහතා මේ අදහස් පල කළේ රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ අද (03) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More