දේශීය පුවත්

දෙමටගොඩ ප්‍රදේශයේ දී තරුණයකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැර ගෙන ගියේ යැයි කියන සිද්ධියට චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට  එරෙහි නඩුව මැයි මස 04 වැනි දින කැඳවීමට කොළඹ මහාධිකරණය අද (03) නියෝග කළේය.

අද දින මෙම  නඩුව මහාධිකරන විනිසුරු ශෂී මහේන්ද්‍රන් ඉදිරියේ කැඳවු අවස්ථාවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 306 (2) වගන්තිය අනුව තම සේවාදායිකාද වරද පිළිගැනීමකින් තොරව හා දඩුවම් කිරීමකින් තොරව නඩුව අවසන් කර ගැනීමට අපේක්ෂා කරන බවය.

මෙම ස්ථාවරය නීතිපතිවරයා වෙත දැනුම් දෙන බව ද විත්ති පාර්ශ්වයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

කෙසේවෙතත් අගතියට පත් පාර්ශ්වය අධිකරණයට දැනුම් දුන්නේ නඩුව අවසන් කර ගන්නේ නම් විත්තිකාරිය වරද පිළිගැනීමවත් අපේක්ෂා කරන බවය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවලට අනෙකුත් විත්තිකරුවන් හත් දෙනෙකු වරද පිළිගැනීමෙන් පසු ඔවුන්ට අත්හිට වූ සිර දඩුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය මීට පෙර නියෝග කළේය.

ඒ අනූව විත්තිකරුවන් හත් දෙනෙකුට වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඩුවම් වසර දොළහකට අත්හිටුවීමට මහාධිකරණ නියෝග කර තිබුණි.

2015 වර්ෂයේ දෙසැම්බර්  21 තරුණයෙක් දෙමටගොඩ දී පැහැර ගෙන ගොස් පහර දීමට අදාළව චෝදනා 29 යටතේ නීතිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට සහ ඇයගේ කාර්ය්‍ය මණ්ඩලයට අයත් සේවකයින් 5 දෙනෙකු ඇතුලු විත්තිකරුවන් 9 දෙනෙකුට මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More