දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිවලට හානි වන පරිදි විනය කඩකළ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සඳහා මේ වනවිටත් පක්ෂය විසින් තීන්දු තීරණ ගනිමින් සිටින බව මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල බලශක්ති අමාත්‍ය එක්සත් ජනතා නිදහස් සංධානයේ මහලේකම් මහින්ද අමරවීර පවසයි.

මෙම දිනවල පක්ෂයේ විනය ක්‍රියාමාර්ග පැවරීම තම දෛනික ජීවීතයේ අංගයක් බවට පත්ව ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව ඒ. එච්. එම්. ෆවුසිගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමේ ලිපියට තමන් අත්සන් තැබූ බවත්, ඒ මහතාට අවශ්‍යනම්, අධිකරණයට යා හැකි බවත් එහු සදහන් කරයි.

ඒ අනුව තවත් මාසයක් ඇතුළත ඔහුගේ මන්ත්‍රි ධූරය අහෝසි වෙන බවත් අනෙක් අයටත් ඒ ආකාරයෙන්ම ඉදිරි දිනවල එම කටයුතු සිදු වෙන බවත් සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ ඊයේ (02) පස්වරුවේ සපුගස්කන්ද ඛනිජතෙල් පිරිපහදුවේ අංගනය නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More