දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය පුටුව ලාංඡනයෙන් ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමේ එකඟතාවක් තිබියදී පොහොට්ටුව ලාංඡනයෙන් තරග කළ යුතු බවට ඇතැම් මැතිඇමැතිවරුන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම අනුමත කළ නොහැකි යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

මහ මැතිවරණයට පොහොට්ටුවෙන් තරග කළ යුතු බවට ඇතැම් මැති ඇමැතිවරුන් පළ කරන අදහස් සම්බන්ධයෙන් ජාතික පුවත් පතකට අදහස් දක්වමින් පක්ෂයේ ජ්‍යේෂ්ඨයෙක්  මේ බව සදහන් කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය පිහිටුවා ගනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ පහළොවක එකඟතාවකින් යැයිද ඊට අදාළ ගිවිසුමකට පවා අත්සන් කර ඇතැයිද එම ප්‍රකාශකයා පවසා ඇත.

එසේ තිබියදී ඊට පරස්පර ලෙස අදහස් ප්‍රකාශ කිරීම එකඟතාවන්ට බාධාවක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පැවැති සාකච්ඡාවකදීද එකඟතාවකට පැමිණ තිබුණේ ඉදිරි මැතිවරණයේදී පොදු ලකුණකින් තරග කිරීමට බව ඔහු බවසා ඇත. එම එකඟතාවකට පැමිණ තිබුණේ ඉදිරි මැතිවරණයේදී පොදු ලකුණකින් තරග කිරීමට බවත් එම එකඟතා කඩ කිරීම යෝග්‍ය නොවන බවත් හෙතෙම වැඩිදුරටත් පවසා ඇත.

කෙසේ වුවද පොහොට්ටුවෙන් තරග කළ යුතු බවට වගකිව යුතු පුද්ගලයෙක් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නොමැති හෙයින් කලබල විය යුතු නැතැයි යන්න ඔහුගේ අදහස වී ඇත.

පොහොට්ටුවෙන් තරග කළහොත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් අනිවාර්යෙන්ම ලබා ගත හැකි යැයි බලශක්ති රාජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන ඉකුත් සතියේ ප්‍රකාශ කළේ ඉදිරි මැතිවරණයේදී පොහොට්ටු ලාංඡනයෙන් තරග කිරීම ජයග්‍රහණයට හේතුවක් වන බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More