ව්‍යාපාරික පුවත්

ඉන්ධන මිල සූත්‍රය අහෝසියි

December 3, 2019 10:49 am | Lanka Lead News

ඉන්ධන මිල සුත්‍රය අහෝසි කිරීමට දැනට තීරණය කර ඇතත්, එම තීන්දුව ක්‍රියාත්මක කරනුයේ අමාත්‍ය මණ්ඩලයේ නිර්දේශය මත බව මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල, බලශක්ති අමාත්‍ය එක්සත් ජනතා නිදහස් සංධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා කියා සිටියේය.

අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ ඊයේ (02දා) පස්වරුවේ සපුගස්කන්ද ඛනිජතෙල් පිරිපහදුවේ අංගනය නිරීක්ෂණ චාරිකාවට එක්වෙමිනි.

කෙසේ වුවද පසුගිය රජය මෙන් ඉන්ධන මිල සුත්‍රය හරහා මාසිකව ඉන්ධන මිල වැඩි කළාසේ කටයුතු කිරීමට වත්මන් රජය පියවර නොගන්නා බවද කීය.

නමුත්, ඉන්ධන යනු අපේ රටේ සම්පතක් නොවන බැවින් පැවති මිල ගණන් දිගටම පවත්වා ගෙන යන්නේ යැයි පැවසීමට නොහැකි නමුත් මහජනතාවට බර පටවමින් කටයුතු කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය නොවන බවද, සදහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිවලට හානි වන පරිදි විනය කඩකළ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සඳහා මේ වනවිටත් පක්ෂය විසින් තීන්දු තීරණ ගනිමින් සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.

මේ දවස්වල පක්ෂයේ විනය ක්‍රියාමාර්ග පැවරීම තම දෛනික ජීවීතයේ අංගයක් බවට පත්ව ඇතියි කී අමාත්‍යවරයා ඒ. එච්. එම්. ෆවුසි මහතාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමේ ලිපියට තමන් අත්සන් තැබූ බවත්, ඒ මහතාට අවශ්‍යනම්, අධිකරණයට යා හැකි බවද කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More