ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පවසා සිටියේ ක්‍රිඩා පිටියේදී ක්‍රිඩා කළේ තමන් නොවන බවත් මෙම ජයග්‍රහණයේ සියලු ගෞරවය ක්‍රිඩකයන්ට ලැබිය යුතු බවත්ය.

තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ අපි පළමු දෙකම පැරදුණා. එත් ඒ තරඟ දෙකම හිතෙන් ඈත් කරලයි තෙවැනි තරඟයේ සිට සෙල්ලම් කළේ. මගෙන් ලොකු දෙයක් වුණේ නැහැ. කණ්ඩායමේ ක්‍රිඩකයන් තමයි හොඳට සෙල්ලම් කළේ. මම කළේ නිවැරදි මාවත පෙන්වා දීම පමණයි. නිදහස් පරිසරයක් ඔවුන්ට හදා දීලා ඔවුන්ගේ දක්ෂතා ඔප්නැංවූවේ මම සමග ඉන්න පුහුණුකරන කණ්ඩායමයි.

මම හිතන්නේඔවුන් තමයි ලංකාවේ ක්‍රිඩකයින් වැටිලා හිටිය තැනිනි ගොඩගන්න උදව් කළේ. ඒ වගේම මොනවද ඒ අයගේ කාර්ය භාරය වෙන්නේ කොහොමද ඒ අය දක්ෂතා දක්වන්නේ බය නැතිව ගිහිල්ලා කොහොමද තමන්ගේ දක්ෂතාවය පෙන්වන්නේ කියන කාරණා අපි ඔවුන්ට පහදලා දුන්නා. මම හිතන්නේ ඒක තමයි කණ්ඩායමේ දක්සතාවට හේතුවුණේ කියලා යනුවෙන් පැවසූ හතුරුසිංහ මහතා තුන්කොන් තරඟාවලියේදී හා විස්සයි විස්ස තරඟාවලියේදී ලකුණු අතර සිටි තිසර පෙරේරා සම්බන්ධයෙන්ද අදහස් දැක්වීය.

ඔහුට හොඳ දක්ෂතාවයක් තිබුණා. අපි ඒ ගැන ඔහු එක්ක කතා කළා. ඒවගේම එයාගේ පුහුණු කිරීමේ විදියත් පොඩ්ඩක් වෙනස් කළාත ඒ හැම දෙයක්ම ඔහුගේ දක්ෂතාවලට හේතු වන්න ඇති යනුවෙනි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More