දේශීය පුවත්

මහ මැතිවරණයට පොදු සන්ධානයකින් හා පොදු ලකුණකින් ඉදිරිපත්වීමට වූ එකඟතාවය ආරක්ෂා කළ යුතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
ඒ, අතරම එම එකඟතාව නොසලකා හැර කටයුතු කිරීමට තරම් විශේෂ තත්ත්වයක් ඇතිවී නොමැති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ඔහු මේ බව පැවසූවේ, අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු මහනුවර කළ සංචාරයකදීය.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ප්‍රධානතම අවධානය යොමුකොට ඇති දේශීය කර්මාන්ත නගාසිටුවීමේ ප්‍රතිපත්තියට අනුව යමින්, මෙතෙක් අවධානයට ලක් නොවුණු සෑම දේශීය කර්මාන්තයක්ම නගා සිටුවීමට සිය උපරිම ශක්තිය යොදා කටයුතු කරන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ ගරු අමාත්‍ය විමල් විරවංශ මැතිතුමා ත්‍රෛනිකායික මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවැසීය.

අද (02) මහනුවර දී ශ්‍රී දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමෙන් අනතුරුව මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමි, අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මහනාහිමි, ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල හිමි බැහැදැකීමෙන් අනතුරුව ගරු අමාත්‍ය විමල් විරවංශ මැතිතුමා උන් වහන්සේලාගේද ආශිර්වාදය ලබා ගත්තේය.

මෙම අවස්ථාවට මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පත්ම උදයශාන්ත ගුණසේකර, හිටපු මධ්‍යම පළාත් අමාත්‍ය නිමල් පියතිස්ස මහත්මා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

“එකඟතාවය තවදුරටත් ආරක්ෂා කරනවා” – විමල් වීරවංශ

“එකඟතාවය තවදුරටත් ආරක්ෂා කරනවා” – විමල් වීරවංශ

Gepostet von Lanka Lead News am Montag, 2. Dezember 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More