මුහුණු පොතෙන්

මහින්ද රාජපක්ෂව එක්තරා රැස්වීමකදී මෛත්‍රීපාල සිරිසේන ඇමතුවේ, “ඔව් ජනාධිපතිතුමනි ඔබ අපිට රජෙක්… ඔව් අපිට ඇත්තෙන්ම මහා රජෙක්” ලෙසය.

ජැක්සන් ඇන්තනි රූපවාහිනියේ මහා සිංහලයේ වංශකතාවට පැමිණ මහින්ද රාජපක්ෂ දුටුගැමුණු රජුගේ නෑයෙකු බවත්… එතනින් නොනැවතී ශාක්‍ය පරපුරටත් නෑදෑකමක් ඇතැයිද.. එතනින්ද නොනැවතී ගෞතම බුදුහාමුදුරුවන්ටත් මොකක්දෝ නෑදෑකමක් ඇතැයි කීවේය.

සහේලි ගමගේ “මහ රජානෙනි” කියා ප්‍රශස්ති ගීයක් ගායනා කලාය. මහින්ද සහේලි ගමගේ නමින් පාරක් පවා විවෘත කලේය.

රජාට ඇඳගැනීම හෝ ඇන්ඳවීමට ගන්නා උත්සාහයන්ට මා දන්නා තරමින් සාමාන්‍ය ජනතාව කැමති නැත. ඔවුන් ඊට සිනාසෙති. කොතරම් බලසම්පන්න නායකයෙකුගේ උවත් පෞර්ෂත්වයට ඉන් වන්නෙ බලවත් හානියකි. එය වනතුරු මෙවරත් බලා සිටිය යුතුද?

ඉතිහාසය නැවත නැවතත් ඒ ආකාරයෙන්ම ලියවෙන්නේ නම් එය මහා ඛේදවාචකයකි.

ලේක් හවුස් පත්තරයක ගෝටා, විජයබාහු රජු ලෙස සලකා ගොනාට ඇන්දීමට උත්සාහ කර ඇත. මේවා ඉතාම විහිළු සහගත පිලිකුල් කල යුතු දේවල් ය. ගෝටා යනු ගෝටාය. නැතුව පණ්ඩුකාභයවත්, මහා ඇලෙස් ඇන්ඩට්වත්, හිට්ලර්වත්, පුටින්වත්, නොව ගෝටා යනු ගෝටා ය.

මේවාට මුලින්ම යමක් නොලියා මාසෙකින් හමාරකින් ලියන්න හිටියොත්, අපිට යම්කිසි වරප්‍රසාදයක් නොලැබුනු හිත් අමාරුවෙන් ලියනවා යැයි යමකු එදාට කියනවා ඇත.

ගෝටාභය යනු විජයබාහු රජු පමණක් නොව පණ්ඩුකාභය විජයබාහු ඒකාබද්ධ නිර්මානයකැ යි මගේ මේ පෝස්ට් එකට කමෙන්ට් කරීමට දත කට මදින ගෝටාවාදීන්ව මට මැවී පෙනෙයි.

මේ රටේ මිනිස්සු ගෝටට චන්දෙ දුන්නෙ වෙන මොකටවත් නොව අංක එක ජාතික ආරක්ෂාවටය. ඊගාවට ගෝටා කලින් සිටි දේශපාලකයන්ගෙන් වෙනස් අයෙකු ලෙස සලකා වෙනස් මාර්ගයක යතැයි සිතාය. නාගරික සංවර්ධන අධිකාරියේත්, ආරක්ෂක ලේකම් ලෙසත් වැඩ පෙන්නා ඇති නිසා ඔහු වැඩකාරයෙකු බව කවුරුත් දනිති. ඒ නිසා සිරිසේන වැනි නිකමෙකුට මෙන් පිම්බිලි, ගොනාට ඇන්දිලි, මුරුංගා ගසවල නැංගිලි අවශ්‍ය නැත.

මෙවන් ප්‍රශස්ති ලියන වන්දිභට්ටයන්ගෙන් ප්‍රවේශම් නොවුනහොත්, කෙලවෙන්නේ ඩබල් එකේය. එදාට ඔය වන්දිභට්ටකම් කරපු උන් හොයා ගන්නවත් හම්බෙන්නේ නැත.
එදාට ගෝටා සුලගට ආධාර මුදල් එවන්න වෙන්නේත් මහින්ද සුළගට එව්වාක් මෙන්ම අපිටමය. ඒවා මේවා අපි දන්න දේ ලියන්න වෙන්නෙත් අපිටමය.

ඒනිසා මේ වන්දිභට්ටයන්ගෙන් දැන්ම ආරක්ෂාවිය යුතුය.

-හිරන්ත හේරත්-



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More