දේශීය පුවත්

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන කාන්තාව පැහැරගෙන ගොස් කටට පිස්තෝලය ඔබා ප්‍රශ්න කර ඇති බව හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා අද සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.

එමගින් ඇති වූ බිය නිසා අද ඇයට කතාබහ කිරීමට පවා නොහැකිව බලා ගත් අත බලාගෙන සිටින බවද ඔහු පැවසීය.

මෙවන් තත්ත්වයක් යටතේ ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නොහැකි බවද ඔහු පැවසුවේය.

මේ හේතුවෙන් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය විසින් එම කාන්තාව සහ ඇයගේ පවුලේ සියළුම දෙනා ස්විට්සරලන්තයට යැවීමට කටයුතු සූදානම් කරමින් ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

සුදුවෑන් සංස්කෘතිය යළි ඇරඹී ඇති බවත් කී ඔහු යහපාලන ආණ්ඩුව පැවැති කාලයේ කිසිදු දිනයක මෙවන් භිතියක් සමාජයෙන් නොතිබූ බවද සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ හිටපු ඇමති රාජිත සේනාරත්න

සතියක් යන්න කලින් සුදු වෑන් එකක් ඇවිල්ලා කාන්තාවකගේ කටට පිස්තෝලේ දැම්මා

සතියක් යන්න කලින් සුදු වෑන් එකක් ඇවිල්ලා කාන්තාවකගේ කටට පිස්තෝලේ දැම්මා – රාජිත සේනාරත්න යළි කට අරියි

Gepostet von Lanka Lead News am Montag, 2. Dezember 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More