දේශීය පුවත්

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු ඇත්නම් ඒ පිළිබඳ ඉදිරි මහ මැතිවරණයෙන් පසු සාකච්ඡා කිරීමට සූදානම් බව මුස්ලිම් කොංග‍්‍රසය පවසයි.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය හිමිවුවහොත්, 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද හින්දු පුවත්පතට ප‍්‍රකාශයක් සිදු කර තිබුණි.

ඒ පිළිබඳ අදහස් දක්වමින් ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවුෆ් හකීම් කොළඹදී මේ පිළිබඳ අදහස් පළ කර ඇත.

එහිදී ඔහු සඳහන් කර ඇතිතේ “19 වැනි සංශෝධනයේ විධායකයත් පාර්ලිමේන්තුවත් අතර තියෙන ප්‍රශ්න කිහිපයක් මගහරවා ගැනීම සඳහා..ව්‍යවස්ථාදායකය ශක්තිමත් කිරීම සඳහා යම් පියවර අපි අරන් තිබුණා. ඒක ආපසු හැරවීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක සාකච්ඡා මාර්ගයෙන් කළ යුතුයි. 19 සංශෝධනයෙන් පසුව ඇති වුණු සමහර සිද්ධීන් මත ඒ පිළිබඳව සාකච්ඡා කරලා යම් සම්මුතීන් ඇතකර ගත යුතුයි කියලා අපි හිතනවා. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ඒ පිළිබඳව අපිට සාකච්ඡා කළ හැකියි.” යනුවෙන.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More