දේශීය පුවත්

13 වන සංශෝධනය ශ‍්‍රී ලංකාවේ දෙමළ දේශපාලකයින්ට අවශ්‍ය පරිදි ක‍්‍රියාත්මක කිරීමට තමන් සූදානම් නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.

ඒ සදහා බහුතර සිංහල ජනතාවගේ කැමැත්ත අවශ්‍ය යයිද ඒ මහතා සදහන් කළේ සිය ඉන්දීය සංචාරයේදී ඉන්දීය මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

දෙමළ දේශපාලඥයින් මෙම සත්‍ය තේරුම් ගත යුතු යයිද ඒ මහතා සදහන් කළේය.

13 වන සංශෝධනය දැනටමත් ව්‍යවස්ථාවේ කොටසක් බවත් එහි ක‍්‍රියාත්මක කල හැති කොටස් දැනටමත් ක‍්‍රියාත්මක බවත් පොලිස් බල තල ලබා දීමේ ගැටළුවක් ඇති බවත් පවසන ජනාධිපතිවරයා මෙම සංශෝධණයට විකල්ප ගැන සාකච්චා කිරීමට සූදානම් බවත් පවසා ඇත.

දෙමල දේශපාලඥයක් නිදහස ලැබුන දින සිට යතාර්ථය තේරුම් නොගෙන කටයුතු කල බවත් සාමාන්‍ය දෙසල ජනතාවට උවමනා වී ඇත්තේ සියළු ජනතාව සමග සාමකාමීව ජීවත් වීමට යයිද රාජපක්‍ෂ මහතා සදහන් කර ඇත.

අපේ හිතේ හිරවෙල තියන දේ ලෝකෙට කියන්න පුළුවන් නායකයෙක්

අපේ හිතේ හිරවෙල තියන දේ ලෝකෙට කියන්න පුළුවන් නායකයෙක්————————————————————————————————-දෙමළ දේශපාලකයින්ට අවශ්‍ය ආකාරයට 13වන සශෝධනය ක්‍රියාත්මක කරන්න අපි සුදානම් නෑ. ඒකට බහුතර සිංහලයින්ගේ ජන මතය ඕනා. දෙමළ දේශපාලකයින් මෙය තේරුම් ගත යුතුයි. නිදහස ලැබුන දා පටන් ඔවුන් යතාර්ථය වටහා නොගෙනයි ක්‍රියා කලේ. දෙමළ ජනතාවට අවශ්‍ය අප සමඟ සාමකාමීව ජීවත් වෙන්නයි. සත්‍ය නොදත් වයිකෝ වැනි දෙමළ නායකයින් අපිට බාධා නොකළ යුතුයි!ඉන්දියාවටම ගිහින් ඉන්දීය මාධ්‍ය ඉදිරියේ උතුරේ ප්‍රශ්නේ ගැන මෙහෙම කෙලින් කතා කරන්න වෙන මොන සිංහල නායකයටද කොන්ද පණ තිබුනේ?

Gepostet von ජන සටනට පණ පොවමු-Jana Satanata Pana Powamu am Sonntag, 1. Dezember 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More