පැවති මැතිවරණයේ ප්‍රතිඵලවලින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි ජනතාව තුළ ඇති හැඟීම් විහිදී ඇති බව පෙනීයන නිසා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කර රටේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියා කළ යුතු බව රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපුජ්‍ය නාපානේ පේමසිරි හිමියෝ ප්‍රකාශ කරති.
පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ ජනමාධය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කරති.
පරිත්‍යාගයක් නොකර ප්‍රාතිහාරයක් පාන්න බැහැ කියලා කතාවක් තියෙනවා. සම්මා සම්බුද්ධත්වය කියන්නේ පරිත්‍යාගයේ ප්‍රතිඵලයක්.අනිත් නායකයන්ගේ ජීවිතවලත් ඒ තත්ත්වය තියෙනවා. අද අපේ රටේ තියෙන තත්ත්වය අනුවත් පරිත්‍යාග සඳහා නායකයන් කටයුතු කළ යුතු බව පේනවා. තමන්ගේ ඡන්ද ප්‍රතිඵලවලින් ජනතාව යම් අදහසක් දී ඇති බව පේනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා වෙත මහජනතාවගේ ඇති හැඟීම් පසුගිය ඡන්ද ප්‍රතිඵලයෙන් ප්‍රකාශ කරල තියෙනවා. ඒ නිසා පාලන තන්ත්‍රයේ සිටින ජනාධිපතිතුමාත් අගමැතිතුමා ආදී අය මහින්ද රාජපක්ෂ මහත්තයා සමග එකතුවී සාකච්ඡා කරමින් රටේ ජනතාවගේ සිත්සතන් ප්‍රබෝධමත් වන ආකාරයෙන් කටයුතු කළයුතුයි. ජනතාවතුළ ඒකීයභාවය පිළිබඳ හැගීමක් ඇතිවෙලා තියෙනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...