දේශීය පුවත්

ජනාධිපතිවරණයට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධානගත වීමේදී ඉදිරි මහමැතිවරණය සඳහා පොදු ලකුණකින් තරගවැදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ වුවත් මේ වනවිට පොහොට්ටුව ලකුණ අත්හැරිය නොහැකි බවට දැඩි බලපෑමක් ශ්‍රීලපොපෙ වෙතින් එල්ල වන බව වාර්තා වේ.

පසුගිය පළාත් පාලන මැතිවරණය සහ ජනාධිපතිවරණය යන මැතිවරණ දෙකම විශිෂ්ඨ අයුරින් ජයග්‍රහණය කළ පොහොට්ටුව ලකුණින්ම ඉදිරි මහමැතිවරණයට ද තරගවැදිය යුතු බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයින් පක්ෂය වෙත අවධාරණය කර ඇත්තේ.

විශේෂයෙන්ම පොහොට්ටුව යනු මේ වනවිට ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ඡන්ද ලකුණ බව පෙන්වා දී ඇති ඔවුන් වෙනත් ඡන්ද ලකුණක් කරා යාමට කිසිසේත්ම අවශ්‍යතාවක් නොමැති බවත් එමෙන්ම මහමැතිවරණය තවත් මාස කිහිපයක් තුළ පැවැත්වෙන නිසා නව ඡන්ද ලකුණක් ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් ද නොමැති බවත් පෙන්වා දී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ද ඊයේ පැවති ප්‍රසිද්ධ ජනහමුවකදී ප්‍රකාශ කර තිබුණේ පක්ෂ දෙක අතර සමඟිය නැති කරන්නේ යැයි ඇතැමුන් තමන්ට චෝදනා කළ ද පොහොට්ටුව ලකුණ වෙනස් කළ නොහැකි බවත් ඊළඟ මහමැතිවරණය ජයග්‍රහණය කරන්නේ ද පොහොට්ටුව ලකුණින්ම බව දැන්ම තියා තමන් කියා සිටින බවත්ය.

කෙසේවෙතත් ශ්‍රීලනිපය පවසන්නේ ඉදිරි සති දෙක තුළ මේ සම්බන්ධයෙන් ශ්‍රීලපොපෙ සමඟ සාකච්ඡා කරන බවයි. ඔවුන්ගේ අවධානය යොමුව පවතින්නේ දෙපාර්ශ්වය සන්ධානයක් වශයෙන් පුටුව ලකුණින් තරග කිරීම කෙරෙහිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More