දේශීය පුවත්

පාර්ලිමේන්තු සැසිවරාය කල්තැබීමේ ගැසට් නිවේදනය අද (2වැනිදා) නිකුත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර තිබේ.

ඒ අනුව අටවැනි පාර්ලිමේන්තුවේ හත්වැනි සැසිවාරය මෙම 12 වැනිදා හෝ 13 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතය. පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම නැතහොත් සැසිවාරය කල්තැබීම යනු පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා තාවකාලික විරාමයක් ලබාගැනීමය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(1) අනුව ඒ සඳහා ජනාධිපතිවරයාට බලය පැවැරේ. වාරාවසාන කිරීමේ නිවේදනය ජනාධිපතිවරයා විසින් නිකුත් කිරීමේදී නව සැසිවාරය ආරම්භ කරන දිනයද එම ප්‍රකාශයේම සඳහන් විය යුතුය.

ඒ අනුව යළි පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරන දිනය අද ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරනු ඇත. එය මෙම 12 වැනිදා හෝ 13 විය හැකි බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් ‘අරුණ’ ට කීවේය. පාර්ලිමේන්තු වාරාවසාන කර ඇති අවස්ථාවක කථානායකවරයා එම ධුරයේ අඛණ්ඩව කටයුතු කරගෙන යා යුතුය.

එහෙත් කෝප් කමිටුව ඇතුළු කාරක සභා අහෝසි වේ. නව සැසිවාරයේදී එම කමිටු යළි පත්කළ යුතුය. මේ වනවිට මෙරට පාර්ලිමේන්තුව හතළිස් වරක් පමණ වාරාවසාන කර ඇත. දැනට පවතින්නේ අටවැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සැසිවාරය වේ. එය රැස්වූයේ 2018 නොවැම්බර් 14 වැනිදාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More