පසුගිය සතිය පුරාම ආණ්ඩුව සහ ජනාධිපතිවරයා වෙතින් දිගින් දිගටම ‘සුපුවත්’ ලැබෙමින් තිබිය දී, විපක්ෂයේ ප්‍රධානතම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය දෙසින් ලැබුණේ ‘නරක ආරංචි’ ම ය.
‘විපක්ෂ නායක කම’ ලබාගැනීම සඳහා අලුත් වටයකින් ඇරඹී තිබෙන රනිල්-සජිත් ගැටුම තවදුරටත් එලෙසම පැවතිය දී, එය නිරාකරණය කිරීම වෙනුවෙන් ම කැඳවනු ලැබූ සාකච්ඡා වට දෙකක් ම සජිත් විසින් මග හැර තිබුණේ, පක්ෂ නායකකම අත්හැරීමෙන් තොරව රනිල් තමන් සමග දිගින් දිගටම කතා කිරීම තේරුමක් නැති බව කියමිනි.
කෙසේ වෙතත් තමන්ට එ.ජා.ප.යේ පක්ෂ නායකත්වය සහ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ලබාදීම වෙනුවෙන් සිරිකොත තුළ සටන අඛණ්ඩව ගෙන යන්නැ’යි සජිත් සිය පිලේ අයට දැනුම් දී තිබෙන බව වාර්තා වන අතර, ඒ අනුව අජිත් පී. පෙරේරා වැනි අය පසුගිය සිකුරාදා සිට ම ඒ වෙනුවෙන් ‘ෆේස් බුක් පෝස්ට්’ පවා හදන්නට පටන්ගෙන තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...