දේශීය පුවත්

‘සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුවේ’ කැබිනට් අමාත්‍යවරුන්ගේ ගනුදෙනු සම්බන්ධ තොරතුරු ඇතුළත් ලිපිගොනු කට්ටලයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හමුවී ඇතැයි ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් නික්ම ගිය පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් දා අරලියගහ මන්දිරයට පැමිණියේය. එම ලිපිගොනු කට්ටලය වුවමනාවෙන්ම එහි තබා ගියේද නැතහොත් අමතකව ගියේද යන ප්‍රශ්නය පැන නැගී තිබේ.

එම ලිපිගොනුවල ඇති කරුණුවල සත්‍ය අසත්‍යතාව සම්බන්ධයෙන් සැකයක් නැතැයි ද ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කර ඇත.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවුරුදු හතරහමාරක් අරලියගහ මන්දිරයේ සිටියේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීමෙන් පසු පසුගිය අඟහරුවාදා සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් පැවැති අතර බදාදා මහා සංඝ රත්නයට දානයක් ද පිරිනැමිණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීමෙන් පසු පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වූ සේවකයන්ට එම ලිපිගොනු හමු වී තිබෙන අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එය අමතක වූවාදැයි ප්‍රශ්නයක් ඇති වී තිබේ. එම ලිපිගොනු පිළිවෙළට ඇසුරුම් කර තිබූ බව ද වාර්තා වේ.

ඇතැම් අමාත්‍යවරුන් කරන ලද ගනුදෙනු, ඇතැම් අය මුල් වූ හෝ සම්බන්ධ වූ හෝ සහ ඇතැම් අය ප්‍රවර්ධනය කරන ලද හෝ ගනුදෙනු සම්බන්ධ තොරතුරු එම ලිපිගොනුවල තිබී ඇත. එහි සෑම අමාත්‍යවරයකු සම්බන්ධයෙන්ම ලිපිගොනු තිබී ඇතැයි ද වාර්තා වේ.
උදාහරණයකට ටෙන්ඩර් ගිවිසුම් සම්බන්ධයෙන් නම් ඊට අදාළ දේශීය පාර්ශව, ඔවුන්ගේ ලිපින, දුරකතන අංක ආදිය එම ලිපිගොනුවල තිබී ඇතැයි ද සන්ඬේ ටයිම්ස් පුවත් වර්තාවේ දැක්වේ.

එමෙන්ම ටෙන්ඩර්වල මිල ගණන් පිළිබඳ තොරතුරු ද එහි තිබී ඇත.

මෙම ලිපිගොනු සකස් කර ඇත්තේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යැයි ද දැනගන්නට ලැබී තිබේ. මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කරන්නේ කුමක්දැයි පිළිබඳව ද මේ වනවිට ප්‍රශ්නයක් ඇති වී තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ ලිපිගොනු සම්බන්ධයෙන් අධ්‍යයනයක් කර අදාළ පියවර ගැනීමට පෙර ඒවායේ සත්‍ය අසත්‍යතාව තහවුරු කරගැනීමට කටයුතු කරනු ඇතැයි තවත් ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබිණි.
Lankadeepa



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More