මේ අතර දුනමලේ ප්‍රදේශයෙන් අත්තනගලු ඔය පිටාර මට්ටමට පැමින ඇති බව අපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසයි.
එම නිසා මීගමුව, ජා ඇල, මිනුවන්ගොඩ සහ ගම්පහ යන ප්‍රදේශවලට අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.
ඉදිරි පැය 24 සඳහා ද නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පාර්යේෂණ සංවිධානය පවසයි.
එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ අදාළ කලාපවල සිටින ජනතාව මේ සම්බන්ධයෙන් වැඩි අවදානයෙන් සිටිය යුතුබවයි.