දේශීය පුවත්

කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසින් භික්ෂූන් වහන්සේලාට අපහාස වන අන්දමට සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට බොහෝ කතාබහට ලක්ව තිබෙනවා.

ප්‍රසිද්ධ ස්ථාන වල සිඟමන් යදින පුද්ගලයින් ඉවත් කිරීමට රජය ගත් තීරණය බොහෝ දෙනාගේ ඇගයීමට ලක්වෙමින් තිබෙන මොහොතක ඔහු සිය ෆෙස්බුක් ගිණුම හරහා සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ “භික්ඛු” යන්නෙහි තේරුම සිඟමනින් ජීවත් වන්නා බවත්, ඔවුන්ට සිදුකළ යුත්තේ කුමක්ද යන්න බවත්ය.

කෙසේ වෙතත් භික්ෂූන් වහන්සේලා යනු යාචකයින් හා සමකළ හැකි පිරිසක් නොව උතුම් වූ ත්‍රිවිධ රත්නය නියෝජනය කරන බෞද්ධයාගේ ගෞරවයට ලක්වන පිරිසක් බව කිව යුතුය. එසේම “භික්ඛු” යනුවෙන් හැඳින්වෙන්නේ සසර භය දක්නා වූ, සුළුව වෙසෙන්නාවූ ද ශික්ෂාවෙන් යැපෙන්නා වූ ද අයෙකු බවයි බුදු දහමේ සඳහන් වන්නේ.

මීට පෙරද මෙවැනිම ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකළ නිර්මාල් දේවසිරි නිරාගමික වාදය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කරන අතර ඔහු පසුගිය යහපාලන රජය බලයට ගෙනඒම සඳහා කැපවී ක්‍රියා කළ අයෙකුද වනවා.

එසේම පසුගිය සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට විශාල දුෂ්කරතා,නින්දා, අපහාස විඳින්නට සිදු වූ බව සියළු දෙනාම හොඳින්ම දන්නා කරුණකි. එවැනි පසුබිමක ඒ වෙනුවෙන් හඬන් නොනැඟූ බොහෝ පිරිස් මේ වන විට මෙවැනි ආකාරයෙන් භික්ෂූන් වහන්සේලාට අපහස කිරීම දැක ගත හැකිය.

මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගේ මෙම ප‍්‍රකාශයට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව සිංහල රාවය ජාතික සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ප‍්‍රකාශ පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More