නුවරඑළිය පදියපැලැල්ල මලපට්ටාව ප්‍රදේශයේ නිවසක් මතට ඊයේ (30) රාත්‍රි 7.30ට පමණ පස් කන්දක් කඩා වැටී තිබේ.
පස් කන්දට නිවස සම්පූර්ණයෙන් යට වී ඇති බව අප වාර්තාකරු පැවසුවේය.
එම අවස්ථාවේදී නිවසේ සිව් දෙනෙකු සිට ඇති අතර ප්‍රදේශයට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ රාත්‍රියේදී ඔවුන් සොයා මෙහෙයුම් දියත් කිරීමට නොහැකි වී ඇත.
කෙසේවෙතත් වලපනේ පොලීසිය, නුවරඑළිය යුධ හමුදා කඳවුරේ නිලධාරීන් සහ ප්‍රදේශවාසින් එක්ව අද (01) උදෑසන 6ට පමණ මෙහෙයුම් ආරම්භ කර තිබුණි.
එහිදී 18 හැවිරිදි තරුණියකගේ සිරුරක් අද උදෑසන සොයා ගැණුනු බව අප වාර්තාකරු පැවසුවේය.
අතුරුදන් වූ අනෙක් තිදෙනා සොයා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...