දේශීය පුවත්

2018 පෙබරවාරි 19

අතිගරු අබ්දුල්ලා මසීහ් මොහොමඩ් , පා.ම.

පීපල්ස් මජ්ලිස් හි කථානායක,

මාලිදිවයින ජනරජය

උතුමාණෙනි,

ප්‍රජාතන්ත්‍රවාදී ධර්මතාවන් සහ පාර්ලිමේන්තු ක්‍රියාදාමය අනතුරෙහි හෙලමින් මාලිදිවයිනෙහි ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් සාක් කථානායකවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමයේ සභාපති වශයෙන් මෙම සංගමයේ අවධානය යොමුකිරීම සඳහා ලියමි.

ඔබතුමා හොඳින් දන්නා පරිදි දකුණු ආසියානු කළාපය තම ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංග අගයමින් සාක් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රඥප්තියෙන් ද ආභාසය ලබා ගනිමින් කටයුතු කරන අතර සාක් කථානායකවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය සැමවිටම එම පිළිගැනීම සහිතව කටයුතු කරයි. කළාපයේ පාර්ලිමේන්තු කාර්ය පටිපාටි සහ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කථානායකවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අදහස් සහ තොරතුරු හුවමාරු කරගැනීම සඳහා මෙම සංගමය විසින් මණ්ඩපයක් සකසා දෙයි. එමනිසා මේ අවස්ථාවේ මූලික ප්‍රජාතාන්ත්‍රික ව්‍යවහාරයන්, නීතියේ ආධිපත්‍ය, යහ පාලනය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තහවුරු කර ඇති මූලධර්ම සහ මාලදිව‍යිනේ එකිනෙක පාලන ආයතන අතර බලතල බෙදා වෙන්කිරීම ආරක්ෂා කිරීම යන කාරණා සම්බන්ධයෙන් ඔබතුමා වෙත ප්‍රවේශ නොවන්නේ නම් එය තම වගකීම අතපසු කිරීමක් වන බව සංගමයේ විශ්වාසය වන අතර මෙම කාරණා සුරක්ෂිත කළ විට එය පෙරළා මෙම කළාපය තුළ සිටින අප සියළු දෙනා ශක්තිමත් කිරීම සඳහා උපකාරී වේ.

උතුමාණෙනි, මාලදිවයිනේ මෑතක සිදුවූ සිදුවීම් වන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම සහ අත්අඩංගුවට ගැනීම්, ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග වලට අවනත නොවීම, ව්‍යවස්ථාදායක මූලධර්ම වලට තර්ජනයක් වන අතර නීතියේ ආධිපත්‍ය සහ අධිකරණයේ ස්වාධීනත්වය අවතක්සේරු කරයි. මේ සියළු කාරණා රටේ සියළුම දේශපාලන පක්ෂ වල පූර්ණ සහභාගිත්වයෙන් සිදුවන විශ්වසනීය සහ සියළු දෙනාම ඇතුළත් වන පූර්ව මැතිවරණ ක්‍රියාවලියට ද අහිතකර ලෙස බලපායි.

මෙම සංගමය තම සාමජිකයන් අතර මාලදිවයින වැදගත් සා‍මාජිකයෙක් ලෙස සළකන අතර එමනිසා කළාපයට අහිතකර ලෙස බලපාන ආකාරයට රටෙහි දැනට ඇතිවී තිබෙන තත්ත්වය සහ ඇතිවෙමින් තිබෙන තත්ත්වයන් සම්බන්ධයෙන් තම දැඩි අවධානය යොමු කරයි.

පීපල්ස් මජ්ලිස් හි කථානායකවරයා වශයෙන් ඡන‍්දයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ට තම ව්‍යවස්ථාදායක යුතුකම් ඉටුකිරීමට හැකිවන ව්‍යවස්ථාදායක ව්‍යුහයක් පිහිටුවීම සහ මාලදිව‍යිනේ ජනතාවට නිදහස් සහ සාධාරණ මැතිවරණයක් ලබා දීම නැවත තහවුරු කිරීමටත් මූලික නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, ආරක්ෂාව, ස්ථාවරභාවය සහ සමෘද්ධිය තහවුරු කිරීම සඳහාත් අදාළ සියළු පක්ෂ ඇතුළත්ව අදාළ බලධාරීන්ට සාකච්ඡා තුළින් සාමකාමී විසඳුමක් සොයන ලෙසට බලපෑම් කිරීමට කටයුතු කරන ලෙස අපි ඔබතුමාට අවධාරණය කරමු.

උතුමාණෙනි, මේ පිළිබඳ මාගේ උපරිම අවධානය යොමුකළ බව සහතික කරන බව කරුණාවෙන් සළකන්න.

කරු ජයසූරිය

කථානායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව

සභාපති, සාක් කථානායකවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More