දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂ නායකත්වය කරු ජයසූරිය මහතාටත්, විපක්ෂ කායක ධුරය සජිත් ප්‍රේමදාස මහතාටත් ලබාදී දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන නායක, රනිල් වික්‍රමසිංහ මහතාගේ සූදානමක් පවතින බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් සිදුව ඇති බවද දැනගන්නට ලැබේ.

2025 වන විට තමාට වයස අවුරුදු 75ක් සම්පූර්ණ වන බැවින් තවදුරටත් දේශපාලනයේ නියැලීමට අවශ්‍ය නොවන බවත් රනිල් වික්‍රමසිංහ මහතා අදාළ සාකච්ඡාවේදී පෙන්වා දී තිබේ.

අවස්ථා ගණනාවකදී පක්ෂයේ වගකීම් සජිත් ප්‍රේමදාස මහතාට ලබා දී කටයුතු කිරීමට තමන් උත්සාහ ගත්තද ඒ කිසිදු අවස්ථාවකදී සජිත් ප්‍රේමදාස මහතා යහපත් ප්‍රතිචාර දැක්වීමක් තබා එම අවස්ථාවන්ට සහභාගී වීමද ප්‍රතික්ෂේප කර ඇති බව ද රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන් බව අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

කෙසේවුවද දෙසැම්බර් 03 වැනි දාට ප්‍රථම නායකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බව දේශපාලන විචාරකයන්ගේ අදහසයි. එයට හේතුව දෙසැම්බර් 03 වැනි දා පෙරවරු 10.30ට පාර්ලිමේන්තුව රැස් වීමට නියමිත හෙයින් එහිදී විපක්ෂ නායකවරයා ලෙස අසුන් ගන්නේ කවරෙක්දැයි බොහෝදෙනාගේ අවධානය යොමුවනු ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More