හමුදාවේ මාණ්ඩලික නිලධාරියෙකු ලෙස ඉන්දියාවේ පුහුණුව ලබන අවස්ථාවේ එකම කඳවුරේ පුහුණුව ලැබූ මිතුරන් දෙදෙනෙකු දේශපාලන මිතුරන් ලෙස අද යළි හමු වුණා.
ඒ දේශපාලන තොරතුරු පිළිබඳ කතා කිරීමට නම් නොවේ.
එක් අයෙකු අද ශ්‍රී ලංකාවේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. අනිත් තැනැත්තා ඉන්දියාවේ රාජ්‍ය ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය ආචාර්ය ජෙනරල් වී.කේ. සිං :(VK Singh) මැතිතුමා.
මේ හමුවට ඔවුන් දෙදෙනා සමඟ පුහුණුව ලැබූ අද විශ්‍රාමව සිටින තවත් හමුදා නිලධාරින් 15 දෙනෙකු පමණ එක්ව සිටියා. එය බොහෝ සුහදශීලි අතීතය ස්මර්ණය කරන පිළිසඳරක් බවට පත් වුණා.
මේ අතරින් බොහෝ දෙනෙක් ඉන්දිය සාම සාධක හමුදාවේ නිලධාරින් ලෙස ශ්‍රී ලංකාවේ සේවයේ නිරතව සිටි අය. ඒ අතීතයත්, අමතක නොවන සිදුවීමුත් මේ කතා බහට ඇතුළත් වුණා. ඔවුන් වෙන් වෙලා ගියේ පරණ අතීතය විසින් නැවත එක් කළ අලුත් මිතුරන් පිරිසක් ලෙසින්.
මෙහි වැදගත් කාරණය වන්නේ මෙම අතීත මිතුදම තුළින් යළි ගොඩනැගුණේ දෙරටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ දැවැන්ත පවුර වීමයි.
මොහාන් කරුණාරත්න
නියෝජ්‍ය අධ්‍යක්ෂ
ජනාධිපති මාධ්‍ය අංශය




ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...