දේශීය පුවත්

වත්මන් ආණ්ඩුව සිදුකරණ යහපත් ක්‍රියාවන් ඉදිරි මහමැතිවරණයෙන් පසුවද ජනතාව බලාපොරොත්තුවන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

බදුල්ල හාලිඇල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

අපේ රටේ පාලකයින්ට ජනතාව දුප්පත් වන තරමට ලාබයි සහ පහසුයි යනවෙන් ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම රට තුළ ජාතිවාදී තුවාලය තියෙන තුරු එය විකිණීමට පහසු බවත් පැවසු විද්‍යාරත්න මහතා, එය අවාසනවයක් බවත් කියා සිටියේය.

නමුත් තමන් පවසන දේ ජනතාව විසින් තේරුම් නොගත් බවත් පැවසු ඒ මහතා, ඉදිරියේ දී හෝ මෙම සත්‍ය ජනතාව තේරුම් ගනු ඇතැයි ද පැවසීය.

මේ වන විට ආණ්ඩුව “හොඳ ළමයාගේ“ භූමිකාව රඟ දක්වමින් සිටින බවත් එළඹෙන මහ මැතිවරණය හේතුවෙන් එසේ කටයුතු කරන බවත් සඳහන් කර සිටි විද්‍යාරත්න මහතා, 69 ලක්ෂයක් ඡන්දය ලබා දී ගෝඨාභය මහතා ජනාධිපති කර ඇති බැවින් ඔහුට සුබ පතන බවද කියා සිටියේය.

දෙන ලද පොරොන්දු ජනාධිපතිවරයා විසින් ඉටු කළ යුතු බවත් පැවසු ඒ මහතා, දෙන ලද පොරොන්දුවලට පිටින් යන්නේ නම් ඕනෑම මොහොතක එය විවේචනය කිරීමටත් තමා සුදානම් බවත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More