දේශීය පුවත්

වත්මන් පාර්ලිමේන්තුවේ කාලය වසර හතර හමාරක් ඉක්මවා ගිය පසු වහාම එය විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තා වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ පසුගියදා ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

2015 අගෝස්තු 17 දින පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත් වූ අතර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වසර හතරහමාරක් ගතවනතෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය හිමි නොවේ. පාර්ලිමේන්තුවට වසර හතරහමාරක කාලය ගෙවන්නේ ලබන වසරේ පෙබරවාරි 17 වැනිදා බැවින් එම මාසයේ 22 දිනට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවට මැති ඇමැතිවරුන් ජනාධිපති හා අගමැතිවරයාට යෝජනා කර තිබේ.

මීට හේතුවී ඇත්තේ වර්තමාන කථානායකවරයා එම තනතුරෙන් ඉවත් නොවන බවට ප්‍රකාශ කිරීමත් සමගය. වැඩි මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂයේ සිටින අතර සාර්ථකව පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑමට මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් යෝජනා කර ඇත.

මේ වන විට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 96 සහය දක්වන අතර එක්සත් ජාතික පක්ෂයට (කථානායක හැර) සහය දක්වන මන්ත්‍රීවරුන් එකසිය හයක්ද, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පහළොවක්ද, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් හයක් සහ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ස්වාධීනව කටයුතු කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More