දේශීය පුවත්

ලබන වසර සඳහා වන අයවැය මහා මැතිවරණයෙන් පසුව පවත්වන නව පාර්ලිමේන්තුව යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇතැයි වාර්තා වේ.

ලබන වසරේ මාර්තු මස 31 වැනිදා දක්වා කාලය තුළ රජයේ වියදම් දැරීමට පසුගිය ආණ්ඩුව අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත් අතර ඉන් පසුව පැවැත්වෙන මහ මැතිවරණය දක්වා කාලය තුළ මුදල් වියදම් කිරීමට හැකිවන සේ තවත් අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති බව දැනගන්නට තිබේ.

ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනට පැමිණීමෙන් පසු පාර්ලිමේන්තුවේ සභා වාරය අවසන් කරනු ඇති බවත් නව සැසිවාරය ආරම්භ කිරීමෙන් අනතුරුව අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති බවත් පැවසේ.

පාර්ලිමේන්තුව ලබන මාර්තු මස පළවෙනිදායින්පසුව විසුරුවා හැරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකියාව ලැබෙන අතර ඒ අනුව මහා මැතිවරණය ලබන වසරේ අප්‍රේල් අග හෝ මැයි මස මුලදී පැවත්වීමැත්වීමට නියමිතය.

ඒ අනුව ලබන වසර සඳහා වන අය වැය ලේඛනය ලබන වසරේ මැයි මාසයෙන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව රජයේ ආරංචිමාර්ග සදහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More