මැතිවරණ පරාජයෙන් පසු එජාපය තුළ විවිධ අදහස් මතුවෙමින් පවතී. ඒ අනුව ප්‍රධාන චෝදනාවක් වන්නේ පසුගිය කාලය පුරා සිංහල බෞද්ධ බලවේග එජාපයෙන් ඈත්ව ඇති බව ය. ඉහළ පෙළේ නායකයන් මහා සංඝරත්නයට ප්‍රසිද්ධියේ දෝෂාරෝපණය කරන්නට පෙළඹී තිබීම නිසා බෞද්ධ ජනතාව පක්ෂයෙන් ඈත් වූ බව මේ වනවිට එජාප මන්ත්‍රීවරු පවා ප්‍රසිද්ධියේ කියති.
ජාතික හෙළ උරුමයේ නායක පාඨලි චම්පික රණවක මහතාට මේ වන විට මන්ත්‍රීවරුන් බහුතරයකගේ ඉල්ලීම් ලැබී ඇත්තේ හෙළ උරුමය අතහැර එක්සත් ජාතික පක්ෂයට එකතු වන ලෙසය.
පසුගිය ජනාධිපතිවරණ සමයේ චම්පික ගේ මැදිහත් වීමෙන් ජාතික සංඝ සමුළුවක් පවත්වා භික්ෂූන් වහන්සේ සිය ගණනක්ගේ ආශිර්වාදය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදුන් අතර එජාපය බෞද්ධ පදනම ඇති කිරීම සඳහා චම්පික එජාපය ට බඳවා ගත යුතු යැයි මන්ත්‍රීවරුන්න් යෝජනා කර ඇත්තේ ඒ අනුවය. නව යෝජනාව සම්බන්ධයෙන් චම්පික රණවක මහතාගේ ප්‍රතිචාර ප්‍රසිද්ධ වී නැත.
කෙසේ වෙතත් එජාපය මෙහෙයවීමට ආරාධනාවක් ලැබෙන්නේ නම් චම්පික රණවක මහතා ඒ වෙනුවෙන් නිදහස් කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව සූදානම් බවට පසුගිය දිනවල වාර්තා පළවිය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...