දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ස්විස්ටර්ලන්තයේ හේග් නුවර අන්තර්ජාතික අධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීම සඳහා කොටි ඩයස්පෝරාව රහස් පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ගේ සහාය ලබා ගැනීමට සැලසුම් කරන බව අනාවරණය වී ඇත.

ඒ සඳහා කොටි ඩයස්පෝරාවේ මෙහෙයවීම් මත බ්‍රිතාන්‍ය ද්‍රවිඩ නීතිවේදී සමාගමක නීතිවේදීන් දෙදෙනෙක් ස්විස්ටර්ලන්තයට ගොස් නිශාන්ත සිල්වා හමුවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
තරුණයන් 11 අතුරුදන් කරවීම, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්කිරීම, කීත් නෙයාර්ට සහ උපාලි තෙන්නකෝන්ට පහර දීම, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ඝා තනය යන සිද්ධීන් විමර්ශනය කළ නිශාන්ත සිල්වා ස්විස්ටර්ලන්තයට පැමිණීම අපට ලැබුණු ලොකුම වාසියක් යැයි මෙම කොටි ඩයස්පෝරාවේ සාමාජිකයෝ ප්‍රකාශ කර ඇත.
ඩයස්පෝරාව ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ ගෝඨාභය රාජපක්ෂ මහතාට නඩුවක් ගොනු කිරීමට ගනු ලබන උත්සාහය අසාර්ථක වී ඇත්තේ කිසිදු සාක්ෂිකරුවෙකු සොයා ගැනීමට නොහැකි වීම නිසාය.

මේ අතර ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීම සඳහා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ද පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා සාක්ෂිකරුවෙකු ලෙස යොදා ගැනීමට සූදානම් වන බව වාර්තා වේ.

රහස් පොලිස් නිලධාරී නිශාන්ත සිල්වා සහ පවුලේ සාමාජික ස්විට්සර්ලන්තයේ සුරිචි හි සංක්‍රමණික නිවසක වාසය කරති.

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More