දේශීය පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පත්වීම් දී රට පුරා සේවයේ යෙදුණු 2273 ක් ස්ථිර කරන ලෙස හම්බන්තොට දිස්ත්‍රික් එජාප පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඊයේ (28) ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.

පසුගිය ජනාධිපතිවරණයේදී හම්බන්තොට නිවාස සංවර්ධන අධිකාරියේ පුටුවක් වත් නොමැති සේවකයින් විශාල පිරිසක් සිටින බවට ද චෝදනා එල්ලවිය.

මේ පිරිසට කළමනාකරණ තනතුරේ සිට ඊට පහල තනතුරු දක්වා කොන්ත්‍රාත් පදනම මත පත්වීම් ලබා දී තිබූ අතර ඔවුන් දින 180ක් සේවයේ යෙදවීමේ පදනම මත සේවය ස්ථිර කරන ලෙස වෙදආරච්චි මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් කර තිබූ ඉල්ලීම වේ.

මෙම 2273 ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් වීම විශේෂත්වයක් වන අතර වෙදආරච්චි මහතා මෙම ඉල්ලීමෙන් පිටපතක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙත ද යවා තිබේ.

අප මේ පිළිබඳව අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් විමසීමක් කළ අතර එවැනි ලිපියක් ලැබී ඇති බව එහිදී තහවුරු කරන ලදී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More